Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

75 වැනි නිදහස සමරන්න කෝටි 20ක් – ජාතික ගීයත් සිංහලෙන් හා දෙමළෙන්

  ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ මෙවර හැත්තෑපස් වැනි නිදහස් දින සැමරුම් උත්සවය සඳහා රුපියල් කෝටි විස්සක් වැය වෙතැයි අපේක්ෂා කරන බවයි. මුල...

 



ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ මෙවර හැත්තෑපස් වැනි නිදහස් දින සැමරුම් උත්සවය සඳහා රුපියල් කෝටි විස්සක් වැය වෙතැයි අපේක්ෂා කරන බවයි.

මුලදී නිදහස් සැමරුම් උත්සවය සඳහා රුපියල් කෝටි 57 කට වැඩි ඇස්තමේන්තුවක් ලබාදී තිබුණද ජනාධිපති කාර්යාලය, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වරින් වර මේ පිළිබඳ සාකච්ඡා කර කෝටි 20 කට එම වියදම අඩුකරගත් බවයි ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක් ප්‍රියන්ත මහතා පවසන්නේ.

මෙවර ගාලුමුවදොර පිටියේදී නිදහස් සැමරුම් උත්සවය පැවැත්වෙන අතර, එහිදී ජාතික ගීය සිංහල හා දෙමළ බසින් ගායනා කිරීමට නියමිත බව වාර්තා වේ. නිදහස් දින පෙළපාලිය කොල්ලුපිටිය මංසන්ධියෙන් ආරම්භ වී කොල්ලුපිටිය සිට ගාලු මුවදොර දක්වා ගමන් කිරීමට ද නියමිතය.

No comments

Ads Place