Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සුර්වීම අඩුවීමෙන් පාඩුව කෝටි 400යි

  මත්පැන් භාවිතය සියයට තිහකින් අඩුවීම හේතුවෙන් ජනවාරි මාසයේ පමණක් රජයට රුපියල් කෝටි 400ක සුරාබදු ආදායමක් අහිමි බව සුරාබදු දෙපාර්තමේන්තුව රජය...

 



මත්පැන් භාවිතය සියයට තිහකින් අඩුවීම හේතුවෙන් ජනවාරි මාසයේ පමණක් රජයට රුපියල් කෝටි 400ක සුරාබදු ආදායමක් අහිමි බව සුරාබදු දෙපාර්තමේන්තුව රජයට දැනුම් දී තිබේ.

මෙම වසරේ ජනවාරි මාසයේ දී පමණක් සුරාබදු දෙපාර්තමේන්තුවෙන් රුපියල් කෝටි 17000ක බදු ආදායමක් අපේක්ෂා කළ බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය සඳහන් කළේය. ජනතාව මත්පැන් භාවිතය අඩු කිරීම හේතුවෙන් අපේක්ෂා කළ බදු මුදලින් රජයට ලබාදිය හැක්කේ රුපියල් කෝටි 13000ක් පමණක් බව සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙන බවද මුදල් රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

රටේ පවතින ආර්ථික තත්ත්වය සහ මත්පැත්වල මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම වැනි හේතුන් මත ජනතාව මත්පැන් භාවිතය අඩු කර ඇතැයි සඳහන් කළ මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය ඉදිරියේ දී සුරාබදු නීතිය වර්තමානයට ගැළපෙන පරිදි යාවත්කාලීන කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බවද වැඩිදුරටත් සඳහන් කළේය.

No comments

Ads Place