Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

13 බලාත්මක කිරීම: රනිල් තම උරුමයන් රැකීම සහ මහින්ද, මෛත්‍රී, දිනේෂ් සහ අනුර තම උරුමය පාවාදීම – ජාතික සංවිධානවලින් විග්‍රහයක්

  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 13 වැනි සංශෝධනය බලාත්මක කිරීම මගින් බෙදුම්වාදීන්ගේ, ඉන්දියාවේ සහ ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේ...

 


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 13 වැනි සංශෝධනය බලාත්මක කිරීම මගින් බෙදුම්වාදීන්ගේ, ඉන්දියාවේ සහ ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේ ඉල්ලීම් ඉටුකිරීම සදහා මරාගෙන මැරෙන උත්සාහයක් දැරීම හේතුවෙන් සහ සෙසු පාර්ශ්ව ඊට ගොදුරුවීමේ හේතුව කුමක් දැයි ලංකා ලීඩ් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනයෙන්,

“රනිල් වික්‍රමසිංහ කියන්නේ 1987 දී සම්මත කළ 13 වැනි සංශෝධනය හයිබ්‍රිඩ් ක්‍රමයකට ක්‍රියාත්මක කිරීම සදහා ජාත්‍යන්තර මැදිහත්වීමක් සහිතව සටන් විරාම ගිවිසුමක් අත්සන් කර තාවකාලික ආණ්ඩුවක් කොටින්ට බන්දේසියක තබා පිරිනැමීමට උත්සාහ කළ කෙනෙක්. ඒක ඔහුගේ උරුමය. මෙවර ඔහු පිනට ලැබුණු ජනාධිපති තනතුර භාවිතා කරලා ඒ උරුමය රැකීමට උත්සාහ කිරීම පුදුමයකට කරුණක් නොවේ.

නමුත් මහින්ද රාජපක්ෂ කියන්නේ බෙදුම්වාදීන්ගේ ආයුධ සන්නද්ධ බලය බිදහෙලා ඔවුන් දණගස්වා රට බෙදුම්වාදී මර උගුලෙන් ගලවාගත් කෙනෙක්. මෛත්‍රීපාල කියන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක ගේ ප්‍රතිරූපය පෙන්වලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උරුමය හයිජැක් කරපු කෙනෙක්. සිරිමාවෝ මැතිනිය 1987 ජූලි මාසයේදී පිටකොටුව විරෝධතාවයට සහභාගීවෙලා ඉතා තීරණාත්මක අවස්ථාවක 13 වැනි සංශෝධනයට එරෙහි වූ කෙනෙක්. ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උරුමය. මේ දෙන්නම සර්වපාක්ෂික සමුළුවේදී රනිල්ගේ දෙපස වාඩිවෙලා 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමට එකගතාව ලබාදීම මගින් තම ඓතිහාසික උරුමය පාවා දෙනවා.

දිනේෂ් ගුණවර්ධන කියන්නේ සිරිමාවෝ මැතිනිය වගේම 1987 දී පිටකොටුව බෝධිය අසලින් පටන්ගත් විරෝධය තම දේශපාලන සටන් පාඨය බවට පත් කරගත් කෙනෙක්. ඔහු 13ට එරෙහිව ප්‍රභල භූමිකාවක් ඉටුකළ දේශපාලන නායකයෙක්.

අනුර දිසානායක කියන්නේ 60,000 ක් තම සාමාජිකයන්ගේ ජීවිත 13 වැනි සංශෝධනයට එරෙහිව පූජාකළ පක්ෂයක නායකයා. ඔහු දැන් එන්.ජී.ඕ කාරයෝ ටිකක් සමග එක්ව ජන බලවේගයක් හදලා ඒ උරුමය පාවා දෙනවා. ඔහු 13 ගැන කටක් අරින්නේ නැහැ. පාවාදීම් සියල්ල අතරින් ඒ පාවාදීම තමයි මහා පාවාදීම“

No comments

Ads Place