Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

13 සංශෝධනයේ ඇති ඉඩම් හා පොලිස් බලතල දෙන හැටි ජනපතිවරයා, සම්බන්දන්ට හෙළි කරයි – කෙටුම්පත ලහි ලහියේ සූදානම් කෙරෙයි

  13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ඉඩම් හා පොලිස් බලතල පළාත් වෙත ලබා දීම සඳහා වන පියවර ආරම්භ කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ, දෙමළ ජා...

 



13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ඉඩම් හා පොලිස් බලතල පළාත් වෙත ලබා දීම සඳහා වන පියවර ආරම්භ කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් වෙත පවසා ඇතැයි වාර්තා වේ.

ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශීය කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් ජනාධිපතිවරයා හමුවීමෙන් පසු හදිසියේම දෙමළ ජාතික සන්ධානයේ නායක සම්බන්දන් ඉකුත් 20දා හමුවී සාකච්ඡාවක නිරත වීමේදී බව හෙළි වේ.

ජාතික ඉඩම් කොමිසම පිළිබඳ කෙටුම්පත සකස් කෙරෙමින් පවතින බවත්, එම කෙටුම්පත සම්මත වූ වහාම ඉඩම් බලතල පළාත් සභාවලට පැවැරෙනු ඇති බවත් පළාත් නවයට නියෝජ්‍ය පොලිස්පතිවරුන් නවදෙනෙකු හා කොළඹ මෙට්‍රෝ පොලිස් කොට්ඨාසයට නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වශයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරුන් 10 දෙනෙකු පත් කොට ඔවුන් පළාත් සභා බලතල යටතට අනුයුක්ත කිරීමට කටයුතු කෙරෙනු ඇති බවත් ජනාධිපතිවරයා සම්බන්දන් වෙත පවසා ඇති බව සදහන් ය.

මෙම සාකච්ඡාවට සහභාගිවන්නැයි දෙමළ දේශපාලන පක්ෂ කිහිපයකම නායකයන් වෙත ජනාධිපතිවරයා ආරාධනා කර ඇතත් ඊට සහභාගි වී ඇත්තේ සම්බන්දන් හා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්. ඒ සුමන්තිරන් පමණි.

ඉන්දීය විදේශීය කටයුතු ඇමති එස්. ජයශංකර් පසුගිය දා මෙරට සංචාරයක නිරතවෙමින් ජනාධිපතිවරයා ඇතුළු ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ නායකයන් මෙන්ම දෙමළ දේශපාලන පක්ෂ නායකයන් හමු වී තීරණාත්මක සාකච්ඡාවල නිරත වූ බවට ද වාර්තා විය.

No comments

Ads Place