Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනපති රනිල්, 13 සම්පූර්ණයෙන්ම බලාත්මක කරන බව යාපනයේදී කියයි

  යාපනයේ තෛපොංගල් ජාතික උත්සවයට අද (15) එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා ඇත්තේ ඉදිරි වසර කිහිපය තුළ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සං...

 



යාපනයේ තෛපොංගල් ජාතික උත්සවයට අද (15) එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා ඇත්තේ ඉදිරි වසර කිහිපය තුළ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට අවධානය යොමුව ඇති බව යි.

දැනටමත් මේ පිළිබදව සාකච්ඡාකර ඇති බවත්, දකුණේ මහ ඇමැතිවරුන්ගෙන්ද 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින බවත් ඔහු පවසයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“අපි බලන්නේ දැන් 13 වන ව්‍යවස්ථා සංශෝධන සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන්න. ඒක උතුරේ ප්‍රශ්නයක් විතරක් නෙමෙයි. අපේ දකුණේ මහ ඇමතිවරුත් ඉල්ලනවා මේක ක්‍රියාත්මක කරන්න කියලා. ඒ නිසා අපි කථා කරලා ඒවත් ක්‍රියාකරන්න යනවා. ඉතින් මේ ටික අපි ක්‍රමානුකූලව කරගෙන යමු ඊළඟ අවුරුද්දේ දෙකේදී. අද දිළිඳුකම, බඩගින්න, විරැකියාව, දෙමළ අයටවත් සිංහල අයටවක් සීමාවෙලා නැහැනේ. අපි ඔක්කෝම දුක් විඳිනවා. අපි ඔක්කෝම එකතුවෙලා ගොඩ එන්නට ඕනේ. ඉතින් මේ අද තියෙන්නේ උතුරේ ද්‍රවිඩ අයගේ ප්‍රශ්න විතරක් නෙමෙයි. තවත් ප්‍රශ්න තියෙනවා සාකච්ඡා කරන්න. ඉතින් මේ සාකච්ඡාවලින් පස්සේ මම විශේෂයෙන්ම කඳුකරයේ ද්‍රවිඩ ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරුත්, පාර්ලිමේන්තු පක්ෂ නායකයින් ගෙනල්ලා දෙවැනි වටය ආරම්භ කරනවා. කඳුකරයේ දෙමළ ජනතාව අපේ සම්පූර්ණ සමාජයට අන්තර්ගත කරලා. අපි ඒ අයට සිංහල දෙමළ මුස්ලිම් අය විඳින අයිතිවාසිකම් හා සමාජයේ ලැබෙන භුක්තිය ඒ අයටත් ලබලා දෙනවා.”

No comments

Ads Place