Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

13ට විරුද්ධ වෙන්නේ ජාතිවාදියෝ – අපට ඕනෙ 13 සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන්න – ලක්ෂ්මන් කිරිඇල්ලත් රනිල් සමග

  පුවත්පත් වලට ප්‍රකාශයක් කරමින් විරුද්ධ පක්ෂයේ සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සදහන් කරන්නේ 13 වැනි සංශෝධනයට විරුද්ධ වන්නේ ජාතිවාදීන් බවයි....

 



පුවත්පත් වලට ප්‍රකාශයක් කරමින් විරුද්ධ පක්ෂයේ සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සදහන් කරන්නේ 13 වැනි සංශෝධනයට විරුද්ධ වන්නේ ජාතිවාදීන් බවයි.

එසේම තමා 13ට පක්ෂ බවත් ඔහු සදහන් කරයි. ඊට පෙර සජිත් ප්‍රේමදාස විසින් ඉදිරිපත් කළ සහ එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා විසින් සකස් කළ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ද 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කිරීම සදහා සංශෝධන දෙකක් ඇතුළත් කර තිබිණි.

කෙසේ වෙතත් 13 වැනි සංශෝධනය දැනට පවතින ආකාරය සහ එය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමෙන් පසුව ඇතිවන තත්ත්වය අතර වෙනස කිරිඇල්ල මහතා පැහැදිලි කළේ නැත.

එහිදී වක්‍රව ජනතා විමුක්ති පෙරමුණට දොස් පැවරුව ද මේ වන විට ජනතා විමුක්ති පෙරමුණ හෝ පෙරටුගාමී පක්ෂය 13 වැනි සංශෝධනය පිළිබදව වචනයක් හෝ ප්‍රකාශ නොකිරීමට වගබලාගෙන ඇත.

No comments

Ads Place