Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බෝනස් එකට සහ වැටුප් වර්ධකය සඳහා අමතරව වියදම් කළ මුදල රුපියල් බිලියන 12.6ක්....

 හිඟා කන විදුලි බල මණ්ඩලය සේවක වැටුප් සියයට 25%න් වැඩි කරන්… විගණනය කියන කතාවක්! ලලිත් චාමින්ද – විදුලිබල මණ්ඩලය අඛණ්ඩව පාඩු ලබමින් තිබියදි ...

 හිඟා කන විදුලි බල මණ්ඩලය සේවක වැටුප් සියයට 25%න් වැඩි කරන්… විගණනය කියන කතාවක්!





ලලිත් චාමින්ද –


විදුලිබල මණ්ඩලය අඛණ්ඩව පාඩු ලබමින් තිබියදි නිත්‍යානුකූල ලියවිල්ලක් බවට පත්නොවු කෙටුම්පත් සාමුහික ගිවිසුම මත පදනම්ව (2021) වර්ෂයේ දි රුපියල් බිලියන 2.7ක ප්‍රසාද දිමනා මණ්ඩලයේ සේවකයින්ට ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

එමෙන්ම කෙටුම්පත් සාමුහික ගිවිසුම මත 2021 වර්ෂයේ දි මණ්ඩලය විසින් සේවක වැටුප් සියයට 25කින් වැඩිකරගෙන තිබු බව ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙයි.

ඒ අනුව එකි බලය නොලත් ගෙවිම හේතුවෙන් විදුලිබල මණ්ඩලයට සිදුවු අහිතකර බලපැම දළ වශයෙන් රුපියල් බිලියන 9.6ක් බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

එමෙන්ම 2007 නොවැම්බර් මස 14 දින අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබු තිරණයට සහ අංක BM/2021/22/01 දරන අධ්‍යක්ෂක මණ්ඩල තිරණයට පටහැනිව සේවකයින් 323 දෙනෙකුට දීමනා ගෙවිම ඔවුන්ගේ වැටුපෙන් සියයට 65 ඉක්මවා තිබු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

කෙසේවුවද කෙටුම්පත් සාමුහික ගිවිසුම සේවා යෝජකයින් හා සේවක සංගම් විසින් අත්සන්කර නොතිබු බවද විගණන වාර්තාවේ සඳහන් වේ

No comments

Ads Place