Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බැසිල් ගේ කණ්ඩායම ඇතුළු 12කට අලුත් අවුරුද්දේ ඇමතිකම්! පළාත් හයකට නව ආණ්ඩුකාරවරු

    අමාත්‍ය මණ්ඩල සංශෝධනය සහ පළාත් හයක් සඳහා ආණ්ඩුකාරවරුන් පත් කිරීම ජනවාරි මාසය අවසානයට පෙර සිදු කිරීමට රජය  සැලසුම් කර ඇතැයි දේශපාලන ආරංචි...

 


 


අමාත්‍ය මණ්ඩල සංශෝධනය සහ පළාත් හයක් සඳහා ආණ්ඩුකාරවරුන් පත් කිරීම ජනවාරි මාසය අවසානයට පෙර සිදු කිරීමට රජය  සැලසුම් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.  ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ මූලික එකඟත්වය ඇතිව මෙම අමාත්‍ය මණ්ඩල සංශෝධන සිදු කිරීමට නියමිත බව සඳහන් වේ. එහිදී නව කැබිනට් අමාත්‍යවරුන් 12 දෙනකු පත් කිරීමට මේ වනවිට යෝජනා වී ඇති අතර පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ විසින් යෝජනා කරනු එ ක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට වැඩි අමාත්‍ය ධුර සංඛ්‍යාවක් පිරිනැමීමට තීරණය වී ඇත.  මීට අමතර ව වජිර අබේවර්ධන මහතාට ත් තවත් සමගි ජනබලවේග මන්ත්‍රිවරුන් කිහිප දෙනකුටත් අමාත්‍ය ධුර ලබා දීමට මේ වනවිට එතකඟත්වය පළ වී ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග ලංකාසරට අනාවරණය කළේය.


මීට අමතරව මූලික පියවර යටතේ ආණ්ඩුකාරවරුන් හය දෙනකු  පත් කිරීමට තීරණය වී ඇති අතර  එක්සත් ජාතික පක්ෂයට වයඹ, මධ්‍යම  බස්නාහිර පළාත්වල ආණ්ඩුකාරවරුන් නම් කිරීමට අවසථාව ලබා දී ඇති බවත්   පොදුඩන පෙරමුණට දකුණ සබරගමුව සහ නැගෙනහිරට ආණ්ඩුකාර ධුර ලබා දීමටත්  පොදු ජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය එකඟත්වය පළ කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

No comments

Ads Place