Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගතවූ වසර 12 දී පිළිකා රෝගීන් දෙගුණයකින් ඉහළට – දියවැඩියා රෝගීන් සියයට 70කින් වැඩිවෙයි

  ගත වූ වසර 12ක කාලය තුළදී මෙරට පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව දෙගුණයකින් වැඩි වී, නාගරික ප්‍රදේශවල දියවැඩියා රෝගයෙන් පෙළෙන රෝගීන්ගේ සංඛ්‍යාව සියය...

 



ගත වූ වසර 12ක කාලය තුළදී මෙරට පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව දෙගුණයකින් වැඩි වී, නාගරික ප්‍රදේශවල දියවැඩියා රෝගයෙන් පෙළෙන රෝගීන්ගේ සංඛ්‍යාව සියයට 70කින් ඉහළ ගොස් ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ මහතා පවසයි.

අහිතකර ආහාරපාන ගැනීමේ රටාව හේතුවෙන් නාගරික ප්‍රදේශවල වැඩිහිටියන්ගේ අධිබර හා ස්ථුලභාවය පසුගිය කාලයේ තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බව ද ඔහු පවසයි.

පාසල් දරුවන්ගේ අක්මාවේ මේදය තැන්පත් වීම නිසා අක්මාව රෝගී වීම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව නිරීක්ෂණය වී ඇති බවත්, අක්මාව රෝගී වීමෙන් පිළිකාවන්, සිරෝසිස්, දියවැඩියාව, හෘද රෝග, වඳ භාවය හා ස්ථුලතාවය වැනි රෝග රැසක් ඇති වන බවත් ඒ මහතා පෙන්වා දෙයි.

මෙම තත්ත්වය මගහැරවීම සඳහා අධික ප්‍රෝටීන් සහිත මස්, මාළු වෙනුවට ශාකමය ආහාරපානවලට හුරු වීමෙන් නිරෝගී බව රැකගෙන ආයුෂ වැඩි කරගත හැකි බව පැරැන්නන් විසින් තබා ඇති ඓතිහාසික සාක්ෂිවලින් හෙළි වී ඇති බවද, වර්ෂ 1681 දී රොබට් නොක්ස් විසින් රචිත ‘එදා හෙළ දිව’ කෘතියේද, 1669 වසරේදී ප්ලයිනි විසින් රචිත නැචුරලිස් හිස්ටෝරියා ග්‍රන්ථවල එවැනි ශාකමය ආහාරපාන ගැනීමෙන් ශ්‍රී ලාංකිකයන් වයස අවුරුදු 100කට වැඩි කාලයක් ජීවත් වූ බව ද වෛද්‍ය පතිරගේ මහතා වැඩිදුරටත් සදහන් කරයි.

No comments

Ads Place