Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Sex සොයලා විතරක්ම 1st නොවුණු මුතු ඇටයේ අමුතු මිනිස්සු

    “උඩ බලාගෙන කෙළ ගහගන්න දක්ෂ රටක් ජාතියක් විදියට අපි හුඟාක් ඉස්සරහින් ඉන්නවා” සෝෂල් මීඩියා කියන්නේ මොකක්ද? සෝෂල් මීඩියා පාවිච්චි කරනකොට අප...

 


 

“උඩ බලාගෙන කෙළ ගහගන්න දක්ෂ රටක් ජාතියක් විදියට අපි හුඟාක් ඉස්සරහින් ඉන්නවා”


සෝෂල් මීඩියා කියන්නේ මොකක්ද? සෝෂල් මීඩියා පාවිච්චි කරනකොට අපි කොයිතරම් දුරට සදාචාර සම්පන්න වෙන්න ඕනද කියන එක ගැනවත් හරි හමන් අවබෝධයක් නැති මිනිස්සු සෝෂල් මීඩියා පාවිච්චි කරනකොට ඇතිවෙන ගැටලු එකයි දෙකයි තුනයි කියලා ගණන් කරන්නත් බැරි තරම්. සමාජ මාධ්‍ය ඇරුණහම රටේ වගකිව යුතු ඇතැම් ජනමාධ්‍ය නාළිකා හැසිරෙන්නෙත් අතදරුවෝ ගානට. අද ඊයේ පටන් ගත්තෙ නැති වුණත් කාලාන්තරයක් තිස්සේ ඔය සිද්ධි ක්‍රියාදාමයන් නිරන්තරයෙන්ම සිද්ධ වෙනවා.


ලංකාවේ සෝෂල් මීඩියා දිහා බැලුවම, ගොඩක් කලාවට ෆේස්බුක්, ට්විටර්, ටික්ටොක් කියන සමාජ මාධ්‍ය දෙකේ සංසරණය වන පෝස්ට් article කියෙව්වම මම දකින දෙයක් තමයි බහුතරයක් ඒ platform පාවිච්චි කරන්නේ


කෙනෙක්ට හිනාවෙන්න,


කෙනෙක්ව bully කරන්න,


තව කෙනෙක්ට මඩ ගහන්න,


දාලා ගිය පෙම්වතියගේ වෙඩින් එක දවසෙ නිවන් සුව පතන්න,


පොඩි කෙල්ලෙක්ගේ මොන මොනවාහරි ටිකක් ලීක් වුණාම පට්ට කෑල්ල, පට්ට බඩුව කියන්න, පියයුරු නම් පොඩියි හැබැයි කියලා මීම් හදන්න,


තමන්ගේ මතයට විරුද්ධ මතයක් තියෙන කෙනෙක් මැරුණාම ඒ මනුස්සයාගේ මරණයට සුබ පතන්න,


ඔය වගේ දේවල්වලට තමයි ඇත්තටම කිව්වොත් ලංකාවේ බහුතරයක් දෙනා සෝෂල් මීඩියා පාවිච්චි කරන්නේ.


ධනාත්මක විදියට කිසිම දෙයක් දිහා බලන්න බැරි මිනිස්සු කොට්ඨාසයක් සමාජ මාධ්‍ය වගේ දෙයක් පාවිච්චි කරනකොට එකෙන් ස්ප්‍රෙඩ් වෙන්නෙත් එයාලගේ negetivity එක විතරයි! 2500ක ප්‍රෞඪ ඉතිහාසයයි, සංස්කෘතියයි සදාචාරයයි තමා උතුම්ම කියන මිනිස්සු මීඩියා ඇතුළෙදි කෙළින්ම එළියට දාන්න තමන්ගේ නිරුවත. ඒක කොයි විදියද කියන එක සරලවම කිව්වොත් එහෙම.


ටික් ටොකර් කෙනෙක් ඉන්නවා නම් කෑම හදන කෙනෙක්, එයා ඒ කෑම එකේ රෙසිපි එකේ ඉඳන් කෑම එක හදලා ඉවර වෙන විදිහ වෙනකම් වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා නම්, කීයෙන් කීදෙනාද ඒක positive වැඩක් විදියට දකින්නේ? හිතවතුනි, බොහොම සුළුතරයකගේ විතරයි දිව නැවෙන්නේ, “ෂා මරු පට්ට වැඩක්. දිගටම කෑම රෙසිපි දාන්න” කියලා කියන්නෙ.


අති බහුතරයක් දෙනාගේ කමෙන්ට් කොහොමද කිව්වොත්,


“ඊයා අන්න මැස්සෙකුත් ගියා”


“පිහිය හෝදපන් උයන්න කලින්”


“මූව දැක්කම කෑම එකත් අප්පිරියයි”


“බලහන් ඒ බ්ලෙන්ඩර් එක මලකඩත් කාලා”


“යකෝ ඕකට සීනි දාන්නෑ පැණි දාන්නෙ”


 එහෙම බැලුවත් මෙහෙ බැලුවත් ඔය වගේ කමෙන්ට් නම් අඩුවක් නෑ. මනුස්සයෙක් තමන්ගේ හැකියාවෙන් දෙයක් කරනකොට, මනුස්සයෙක් තමන්ට පුළුවන් විදිහේ දෙයක් නිර්මාණය කරනකොට, මනුස්සයෙක් තමන් ඉගෙනගත්ත දෙයක් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරණය කරන කොට අඩුම තරමේ ඒකට සපෝට් කරන්න බැරි වුණත්, ඒකට හිනා නොවී ඉන්න බැරි තරම් අපේ මිනිස්සුන්ගේ මයින්ඩ්සෙට් එක හැදිලා ඉවරයි.


මෑතකදී ඕකට ගන්න පුළුවන් හොඳම උදාහරණයක් තියෙනවා. ඉඥය කියන වචනය සර්ච් කරලා ලංකාව පචදඬඪදඨවල අංක එක වුණා කියලා ඒක මොන තරම් නවනිංගිරාවක්ද නේද? කියලා බහුතරයක් දෙනා අඬන්න වැලපෙන්න හෑලි ලියන්න, කවි ගී ලියන්න ගත්තා. හැබැයි ලංකාව ඉඥය සර්ච් කරලා විතරක් නෙමෙයි තව ගොඩක් දෙවල් සර්ච් කරලා 2022 ටොප් රෑන්කින් අතර වුණා.


Google Trends 2022 – Top search term rankings of Sri Lanka

Sex – 01 

Software – 01 

Payoneer – 01

Zoom – 01 

Dropshipping – 02 

Software Engineering – 02 

Fiverr – 03 

Graphic Design – 03 

Web Developing – 03 

Web Hosting – 03 

Google Cloud – 04 

Machine Learning – 07 

Midjourney – 07 

Artificial Intelligence – 08 

Cryptocurrency – 09 

Emoney – 09 

Freelancing – 09 

Adsense – 11 

WordPress – 13 

Kwork – 14 

Upwork – 14 

Computer Science – 15 

Sex search


ඉඥය ඵඥචපජඩ කරලා වෙච්ච  නවනිංගිරාව ගැන හෑලි ලිව්ව උදවිය ඔය ranking list එක ගැන ඇත්තටම මේ වෙනකන් දන්නෙවත් නැතුව ඇති. එකින් එක අරගෙන ඔය රෑන්ක් ලිස්ට් එකේ තියන කී වර්ඩ් ගැන ලිව්ව දෙයක් හොයාගන්නවත් තිබුණද?


හැබැයි සතියේ මාතෘකාව ලංකාව sex search කරලා අංක එක!


රෑන්ක් ලිස්ට් එකේ වචන දිහා බැලුවම මෙච්චර කෙළවෙලත් ලංකාවේ ඉඳගෙන ගොඩ යන්න බලාගෙන කීදෙනෙක් ඉන්නවා ඇත්ද, අලුතින් දෙයක් පටන් ගන්න හිතාගෙන ඒකට සැලසුම හොයපු කීදෙනෙක් ඉන්නවා ඇත්ද?


ඇත්තටම මට තාමත් හිතාගන්න බැහැ අපි අපි මම පහත් කරගන්නෙක අපේ ජානවලින් එන දෙයක්ද කියලා.


ජීවිතය වැරදිච්ච නැති, වැටිච්ච නැති, බිඳිච්ච නැති මිනිස්සු නැහැ. හැබැයි තවම එකක් වැරදුණහම, වැටුණහම, බිදුණහම ඒ මනුස්සයට හිනාවෙන්ඩ අපේ මිනිස්සු සැදී පැහැදී ගෙන බලාගෙන ඉන්නවා.


පිටරට Social media දිහා බැලුවොත්, මනුස්සයෙක්ට තමන්ගේ ආධ්‍යාත්මික සමාජයීය, ආර්ථික කියන ක්ෂේත්‍ර සියල්ලම වගේ ආවරණය වෙන විදිහට පුළුල් දැනුමක් ලබා ගන්න පුළුවන්.


ටැප් එකක් කැඩුණාම ගෙදරදි හදාගන්නේ කොහොමද?


පාඩම් කරනකොට අපිට දේවල් මතක තියා ගන්න පුළුවන් ටිප්ස් මොනවද?


විවිධ සර්ප විශේෂ ගැන සත්ත්ව විශේෂ ගැන දැනුම


Mind relaxing methods


ඉගෙනගන්න දේවල් සම්බන්ධ blogs රයිටින්ස්


Scientific Experiments


ප්‍රථමාධාර ගැන වීඩියෝස්


අලුත් බිස්නස් අයිඩියාස්


ඔයාගෙ දැන් තියන බිස්නස් එක Develop කරන්න අයිඩියාස්


ඔය වගේ එකී මෙකී නොකී ගොඩක් දේවල් වෙන රටක ‍‍You Tube Instagram TikTok, Facebook Account එකක් බැලුවොත් දැකබලා ගන්න පුළුවන්.


අපේ රටේ ගොඩක් වෙලාවට ඔය වගේ කන්ටෙන්ට් නම් දකින්න වෙන්නේ නැහැ. හැබැයි කලාතුරකින් හරි ඔය විදියෙ කන්ටෙන්ට් එකක් තිබ්බොත්, ඒ මනුස්සයට ඊළඟ දවස වෙනකොට ගහන්න පුළුවන් සේරම මඩ ගහලා, කැලෑ පත්තර ගහලා, වීඩියෝ එකේ බ්ලොග් එකේ නැති වැරදි හොයලා, හූ කියලා එක විකාරයයි. සමහර වෙලාවල් තියෙනවා කොච්චර දනුම තිබ්බත් කොච්චර අත්දැකීම් තිබ්බත් ඒ දේවල් මිනිස්සුත් එක්ක බෙදා ගන්න අකැමැත්තෙන් ඉන්න කට්ටිය ඒකට හේතුව තමයි එයාලට ගොඩනැඟෙන ඇන්ටි ෆෑන්ස්ලාගෙන් හම්බෙන සංග්‍රහ. අද රෑට වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා හෙට උදේ බලනකොට ඒ මනුස්සයගෙ මුළු ජීවිතේම මීම් එකක් කරලා ඉවරයි.


අපේ රටේ කොරෝනා ආවත්, යුද්ධයක් ආවත්, ලෙඩක් දුකක් හැදුණත්, මනුස්සයෙක් මැරුණත්, ඉස්කෝලේ ගෑනු ළමයෙක් දූෂණය වුණත්, ඒකටත් මීම් හදන්ඩ පුළුවන් තරං බුද්ධි මට්ටම් තියෙන මිනිස්සු ලංකාවේ ඉන්නවා.


මේ ළඟදි දවසක මං දැක්කා රටේ වගකිවයුතු ප්‍රධාන මාධ්‍ය නාළිකාවක සිරස්තලයක් විදියට, “45 හැවිරිදි ගුරුවරිය ගෙට පැන පහළොස් හැවිරිදි සිසුවා බදාගෙන” කියලා පුවත් සිරස්තලයක්. ඒ නිවුස් එකට බහුතරයක් හිනා වෙලා තිබ්බා. ඇත්තටම ඒක අපි හිනාවෙන්න ඕන නිවුස් එකක් නෙවෙයි, දරුවෙක් අපයෝජනය වෙලා. ඛේදවාචකයකදි හිනාගස්සන්න පුළුවන් තරම් අපේ රටේ ජඩ මාධ්‍ය හරිම විහිළුසහගතයි.


සර් කෙනෙක් සිසුවියක් බදාගත්තා නම් නිවුස් එක යන්නේ


“45 සර් බලහත්කාරයෙන් නිවෙසට පැමිණ බාලවයස්කාර සිසුවියක් දූෂණය කරයි / අපයෝජනය කරයි.” වගෙ එකක්.


හැබැයි මෙතන නිවුස් එකේ හෙඩ්ලයින් එකෙන්ම මිනිස්සුන්ට ආතල් එකක් සපයලා විතරයි!  ඕක දැකලා ෆෝම් වෙන එක මහ දෙයක් නෙවේ ඉතින්.


චූන් කරලා, කොමඩියක් කරලා, ආතල් එකක් දීලා සැපක් ගන්න පුළුවන් News එකක් නෙවේය කියලා දැන දැනත් රටක වගකිව යුතු මාධ්‍ය ආයතන අවම මාධ්‍ය සදාචාරයවත් පාවිච්චි නොකරන එක ගැන ඇත්තටම කනගාටුයි.


මිනිස්සුන්ට හිනාවෙන්නට බලාගෙන ඉන්නා මිනිසුනි,


සමාජ මාධ්‍ය ජනමාධ්‍ය කියන්නේ ගුළියක් නෙවෙයි පිහියක්. දැනගෙන පාවිච්චි කරන්න. ඕන වෙලාවක අනුන්ව කපන්න ගිහින් තමන්ව කැපෙන්න වුණත් පුළුවන්. මිනිස්සුන්ට හිනාවෙන්න කලින් මිනිස්සු එක්ක හිනාවෙන්න. ජීවිතේටවත් දැකලා නැති මිනිස්සුන්ට මඩ ගහන්න කලින් ස්වයං විනයක් හදාගන්න. නෙගටිව් මනුස්සයෙක් වෙලා නෙගටිව් අස්වැන්නක් වපුරන්නේ නැතිව ධනාත්මක මනුස්සයෙක් වෙන්න. අනුන්ගෙ කුණුවලින් ආතල් එකක් ගන්න කලින් තමන්ගෙ කුණු සෝදගෙන ඉන්න.


පවනි වාසනා


-mawbima-

No comments

Ads Place