Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බම්බලපිටිය රාත්‍රී සමාජශාලාවක බීමතින් පිස්සු කෙළිය CCD පොලිස් නිලධාරීන් 08ක් බඩකට පුරා ගුටි කති…

  බීමතින් බම්බලපිටියේ රාත්‍රී සමාජ ශාලාවකට වැදී  එහිදීත්  මත් පැන් පානය කර  සමාජ ශාලාව තුළ පොලිස් පාට් දැමීමට ගිය කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධා...

 


බීමතින් බම්බලපිටියේ රාත්‍රී සමාජ ශාලාවකට වැදී  එහිදීත්  මත් පැන් පානය කර  සමාජ ශාලාව තුළ පොලිස් පාට් දැමීමට ගිය කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් 08 දෙනෙක්   සමාජ ශාලාවේ ආරක්ෂකයින්ගන් බරපතල පහර කෑමකට ලක් වීමේ සිද්ධියක් වාර්තා වේ.


ස්ථාන මාරුවක් ලබා ගන්නා නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් වෙනුවෙන්  පසුගිය දා කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ දී සංවිධානය කර තිබූ සාදයකදී බීමත් වූ මෙම පොලිස් කණ්ඩායම ඒ ගැම්මෙන්ම මෙම රාත්‍රී සමාජ ශාලාව වෙත ගොස් ඇතැයි හෙළි වී ඇත.


පොලිස් පරීක්ෂ්කවරුන්, සහකාර පොලිස් පරීක්ෂකරුන් සහිත කොළඹ අපරාධ කොට්ඨාසයේ මෙම පොලිස් කණ්ඩායම රාත්‍රී සමාජ ශාලාව තුළ ගැටුම ඇතිකරගෙන බඩ කට පිරෙන්නට ගුටි කෑ පසු ඉන් නිලධාරීන් දෙදෙනෙක් කැලණිය ප්‍රදේශයේ දී යතුරු පැදි අනතුරක් සිදුවූ බව කියමින් රෝහල්ගත වී තිබේ.


කෙසේ වෙතත් මේ ගැටුම සම්බන්ධව බම්බලපිටියේ රාත්‍රි සමාජශාලාවෙන් බම්බලපිටිය පොලිසියට කළ පැමිණිල්ල සටහන් කරගැනීමට කටයුතු කර නැති බව වාර්තා වේ.


පොලිස් දෙපාර්තමේන්තුවටත්   අපහාසයක් වූ මෙම සිද්ධිය සම්බන්ධව සම්පූර්ණ බුද්ධි වාර්තාවක් මේ වනවිට පොලිස්පතිවරයා වෙත ලැබී ඇති බව පොලිස් ආරංචි මාර්ග හෙළි කරයි.


සිද්ධිය ගොඩින් බේරාගැනීමට පාර්ශව කීපයක් දැඩි උත්සාහයක යෙදෙන බව වාර්තා වේ.


-lankasara-

No comments

Ads Place