Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොටින්ට යළි පණ දෙන්න ගිය පාතාල නායකයින් පොකුරක් ඉන්දීය අත්අඩංගුවට!

  එල්.ටීටී ඊ  සංවිධානය යළි පිබිදවීම සඳහා අවි ජාවාරම්වල යෙදෙන අතරේ   මත් කුඩු ජාවාරමේ යෙදීමට සම්බන්ධ බවට සැක පිට ශ්‍රි ලංකාවේ දෙමළ සරණාගත කඳව...

 


එල්.ටීටී ඊ  සංවිධානය යළි පිබිදවීම සඳහා අවි ජාවාරම්වල යෙදෙන අතරේ   මත් කුඩු ජාවාරමේ යෙදීමට සම්බන්ධ බවට සැක පිට ශ්‍රි ලංකාවේ දෙමළ සරණාගත කඳවුරක වෙසෙන ශ්‍රි ලංකාව් නමගිය පාතාල නායකයින් කිහිප දෙනකු ඇතුළු නව දෙනකු ඉන්දීය ජාතික විමර්ෂණ නියෝජිතායතනය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබ ඇත. මෙම අපරාධකරුවන් අතර කිඹුලා ඇලේ ගුණා හෙවත් සී ගුණසේකරන්, ලඩියා වැල්ලේ සුරංග , කොට ගාමිණී, සහ බුම්මා නමින් හැඳින්වෙන අපරාධකරුවාද සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.


මීට පෙරද අත්අඩංගුවට පත්ව තමිල්නාඩුවේ තිරුචිරප්පල්ලි හි පිහිටි ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින් සඳහා වූ විශේෂ කඳවුරේ සිටි මෙම ශ්‍රී ලාංකිකයන් 9 දෙනා  අතරින් දෙදෙනෙකු ඩුබායි, පකිස්ථානය සහ ඉරානය අතර නිතර ගමන් කරන  පාකිස්තානය පදනම් කරගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන හාජි සලීම් සමඟ නිරන්තර සම්බන්ධතා පැවැත්වූ බව ඒජන්සිය පවසයි. මෙම පුද්ගලයින් සහ සලීම් එකතුව  ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ එල්.ටී.ටී.ඊ ය පුනර්ජීවනය කිරීමට කටයුතු කරමින් සිටි බව විමර්ශණවලදී අනාවරණය වී තිබේ.


මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සී ගුණසේකරන් හෙවත් ගුණා, පුෂ්පරාජා, මොහොමඩ් අස්මින්, අලහප්පෙරුමග සුනිල් ගාමිණී ෆොන්සේකා හෙවත් කොට ගාමිණී , හිටපු කොටි සාමාජිකයකු වන ස්ටැන්ලි කෙනඩි හෙවත් බුම්මා  ලඩියා චන්ද්‍රසේන, ධනුෂ්ක රොෂාන් හෙවත් කෙසෙල්වත්තේ ධනුක ,  වැල්ලේ සුරංග සහ තිලිපන් යන අය බව හඳුනාගෙන ඇති අතර ඔවුන් දැනටද මෙරට පාතාලය මෙහෙයවමින් සිනින බව සඳහන් වේ.


පකිස්ථානයේ මත්ද්‍රව්‍ය සහ ආයුධ සැපයුම්කරු හාජි සලීම් සමඟ එක්ව සී ගුණසේකරන් සහ පුෂ්පරාජා විසින් පාලනය කරනු ලබන ශ්‍රී ලංකා මත්ද්‍රව්‍ය මාෆියාවක ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මෙම නඩුවකට අදාළ විමර්ශණ  සිදුවන බව සඳහන් වේ.

No comments

Ads Place