Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බිත්තර ගිනි ගණන් … කුකුල් අසූචි තැවරුණු බිඳුනු බිත්තර යොදා කොත්තු රයිස් කේක් බිත්තර ආප්ප හදන්න පටන් අරන්… මහජන සෞඛ්‍ය පරීක්ෂවරු

ශ්‍රියානි වි‌ජේසිංහ –                                                          කොත්තු, රයිස්  බිත්තර ආප්ප , කේක් වැනි බිත්තර යොදා ගනිමින් සක...



ශ්‍රියානි වි‌ජේසිංහ –                                                         

කොත්තු, රයිස්  බිත්තර ආප්ප , කේක් වැනි බිත්තර යොදා ගනිමින් සකස් කරන ආහාර වර්ග මිලදී ගැනීමේදී වඩාත් සැලකිලිමත් වන්නැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.


බිත්තර මිල ඉතා ඉහළ බැවින් හෝටල් හිමියන් කැඩුණු බිත්තර අඩුමිලට  සත්ත්ව ගොවිපලවලින්  ලබා ගන්නා බවට තොරුතුරු ලැබෙමින් පවතින බවත් කඩතොලු  බිත්තරවල කුකුල් අසූචි තැවරී ඇති බැවින් ඒවා  ආහාරයට නුසුදු බවත් සංගමයේ සභාපති උපුල් රෝහණ   සඳහන් කරයි


 කඩතොලු බිත්තර අලෙවි කිරීම හෝ මිලදී ගැනීම වහාම නතර කරන්නැයි  දෙපාර්ශ්වයටම දැනුම් දී ඇතත්   එම දැනුම් දීම නොසලකා හරමින් ඔවුහු බිත්තර අලෙවි සහ මිලදී ගැනීම ජයටම කරගෙන යන බවට දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම  තොරතුරු ලැබෙමින් පවතින බව හෙතෙම පැවසීය.  


කුකුල් අසූචිවල සැල්මොනිල්ලා වැනි විසබීජයන් පවතින බැවින්  මේවා ආහාරමාර්ගයේ ධරුණු  රෝග තත්ත්වන් ඇතිවීමට හේතුවක් විය හැකි බවද උපුල් රෝහණ සදහන්කරයි.

No comments

Ads Place