Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

“රටේ ජනතාව බඩගින්නේ ඉද්දී නත්තල සතුටින් සමරන්න බෑ” – කාදිනල් හිමි

රටේ ජනතාව බඩගින්නේ ඉද්දී මෙවර නත්තල සතුටින් සැමරිය නොහැකි බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ පැවසූහ. උන්වහන්සේ මේ බව ...




රටේ ජනතාව බඩගින්නේ ඉද්දී මෙවර නත්තල සතුටින් සැමරිය නොහැකි බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ පැවසූහ.


උන්වහන්සේ මේ බව පැවසූවේ, ඊයේ (දෙසැ. 21) රාත්‍රි කළුතර සිරි කුරුස විද්‍යාලයේ පැවති ‘බලාපොරොත්තුවේ උපත’ නමැති නත්තල් කැරොල් ගී ප්‍රසංගයකින් පසු අදහස් දක්වමිනි.


වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේ ද පැවසූහ.


එක්සත් ජාතීන්ගේ සංවිධානය කියලා තියෙනවා ලංකාවේ මිලියන 6.1ක් එක වේලක් නොකා බඩගින්නේ ඉන්නව කියලා. ඒ නිසා මේ තරම් රටට විනාශයක් වෙලා තියෙද්දී අපිට සතුටින් මෙවර නත්තල් සමරන්න බෑ.


රටට මෙහෙම වෙලා තියෙන්නේ පාලකයන්ගේ දුර්දාන්ත වැඩ නිසා. ලෝකෙ වටේ ගිහින් හිගන්නෝ වගේ කන්න බොන්න ඉල්ලනවා. අපි ලැජ්ජ වෙන්න ඕන මෙච්චර ලස්සන ආකර්ශනීය රටක ඉදගෙන හිගන්නො වගේ කන්න බොන්න ඉල්ල ඉල්ල යන එක ගැන. මොකක්ද මේ ආකල්පය? රටට මෙහෙම වෙලා තියෙන්නේ දුර්දාන්ත පාලකයින්ගේ වැඩ නිසා.


නත්තල් කියන්නේ රතිඤ්ඤා කෑම බීම සැරසිලි නොවෙයි. නත්තලට ලබාගන්න දෙයට වඩා වැදගත් වන්නේ දෙන දෙය. ඒ නිසා මෙවර නත්තල් සමරන්න ඔබේ ප්‍රදේශයේ කන්න බොන්න නැති අසරණ දුප්පත් එක් පවුලකට හෝ සලකන්න. ක්‍රිස්තුස් වහන්සේ දේශණා කර තියෙන්නේ එයයි. ඒ නිසයි උන්වහන්සේ ගව මඩුවක ඉපදුනේ.”


මෙහිදී කළුතර ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල විශේෂ දක්ෂතා ඇති දරුවන් දස දෙනෙකුට එම විදුහලේ ඉගෙනීමට වැසි පහසුකම් සපයා ශිෂ්‍යයත්ව පිරිනැමීමක් සහ කළුතර ප්‍රදේශයේ මීසම් දහයක දිළිදු පවුල් විස්සක් වෙත විශේෂ මූල්‍යමය පරිත්‍යාග‍යක්ද සිදුකරන ලදී.


විදුහල්පති ප්‍රසාද් නිරංජන් ප්‍රනාන්දු සහ නියෝජ්‍ය විදුහල්පති රන්මල් සෙව්වන්ද යන පියතුමන්ලාගේ මෙහෙයවීමෙන් ප්‍රසංගය පැවැත්විණි.


බස්නාහිර පළාත් කතෝලික පාසල් භාර ගැමුණු ඩයස් පියතුමන්, ප්‍රදේශයේ මීසම්හි පියතුමන්න්‍ලා, කන්‍යා සොහොයුරියන්, ආචාර්ය මණ්ඩලය, සිසු දරුවන්, ඔවුන්ගේ දෙමව්පියන්, ආදිශිෂ්‍යන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.

No comments

Ads Place