Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොටි සංවිධානය ඉන්දියාව තුළ යළි පිහිටුවීමට පකිස්ථානයෙන් ගෙන්වූ ආයුධ බෝට්ටුවක් ඉන්දීය අත්අඩංගුවේ…

  දිනසේන රතුගමගේ – පකිස්ථානයෙන් අවි ආයුධ ලබා ගෙන දෙමළ ඊලාම් කොටි සංවිධානය ඉන්දියාව තුළ යළි ආරම්භ කිරීමට පියවර ගනිමින් සිටින බව ඉන්දීය මාධ්‍ය...

 


දිනසේන රතුගමගේ –


පකිස්ථානයෙන් අවි ආයුධ ලබා ගෙන දෙමළ ඊලාම් කොටි සංවිධානය ඉන්දියාව තුළ යළි ආරම්භ කිරීමට පියවර ගනිමින් සිටින බව ඉන්දීය මාධ්‍ය ඊයේ ( 26) වාර්තා කළේය.

පකිස්ථානු ජාතිකයින් 10 දෙනෙකු සමග පකිස්ථාන බෝට්ටුවක් ඉන්දීය නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී බෝට්ටුව තුළ තිබී අවි ආයුධ විශාල ප්‍රමාණයක් හා ඉන්දීය රුපියල් කෝටි 300 ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය හමු වී අත.


බෝට්ටුවේ සිටි පුද්ගලයින්ගෙන් ප්‍රශ්න කිරීමේදි ඔවුන් එම ආයුධ හා මත්ද්‍රව්‍ය තොගය ඉන්දියාවේදී දෙමළ සංවිධානයකට බාර දීම සඳහා රැගෙන යන බවට ප්‍රකාශයක් කොට තිබේ..


පසුගිය සතියේද ඉන්දියාව විසින් සැකකටයුතු පුද්ගලයින් නව දෙනෙකු අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔවුන්ද ප්‍රකාශ කොට ඇත්තේ ශ්‍රී ලංකාවේ දෙමළ ඊලාම් කොටි සංවිධානය ඉන්දියාව තුළ යළි ආරම්භ කිරීමට පිරිසක් උත්සහ කරමින් සිටින බව යැයි එම ඉන්දීය මාධ්‍ය තව දුරටත් වාර්තා කළේය..

No comments

Ads Place