Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විවිධ අණපනත් ගෙනත් භික්ෂුව නිහඬ කරන්න ආණ්ඩුවට ඉඩදෙන්නේ නැහැ – ඇල්ලේ ගුණවංශ හිමි

  විවිධ අණපනත් හරහා භික්ෂුව නිහඬ කිරීමට ආණ්ඩුවට කිසි ලෙසකින් හෝ ඉඩ නොදෙන බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසති. භික්ෂුන් වහන්සේලාට ආණ්ඩුවේ නීත...

 


විවිධ අණපනත් හරහා භික්ෂුව නිහඬ කිරීමට ආණ්ඩුවට කිසි ලෙසකින් හෝ ඉඩ නොදෙන බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසති.


භික්ෂුන් වහන්සේලාට ආණ්ඩුවේ නීති රීති අවශ්‍ය නොවන බවත්, බුද්ධ ශාසනය තුළ නීති රීති ඕනෑ තරම් ඇති බවත් උන්වහන්සේ පවසති.


එමෙන්ම උතුරු, නැගෙනහිර ජාතික ප්‍රශ්නය උග්‍ර කිරීමට ආණ්ඩුව සූදානම් වන බවද පවසන ඇල්ලේ ගුණවංශ හිමියෝ, උතුරු හා නැගෙනහිර ජීවත්වන ජනතාවට එබදු ප්‍රශ්නයක් නැති බවත් ප්‍රශ්නය ඇත්තේ දේශපාලකයන්ට පමණක් බවත් සදහන් කරති.


අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කෝට්ටේ නාග විහාරයේ පැවති උත්සවයකදී මේ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ,


“දැන් ඔය අධිකරණ පනත, අපි කැමති නෑ අපිට නීති දාන්න එනවට ආණ්ඩුව විසින්. අපිට ඕන තරම් නීති රීති තියෙනවා සම්බුද්ධ ශාසනය තුළ. නමුත් මේ එන්නේ වෙන පොතක්. දැනට මොකක් හරි වුණොත් කතාකරන්න ඉස්සරහට එන්නේ අහිංසක හාමුදුරුවරු ටික. ඒකත් කොටුකරලා දාන්නයි හදන්නේ. ලේසියෙන් ඒ සෙල්ලම් කරන්න එන්න එපා. කවුරු රට පාලනය කළත් භික්ෂුවට අත තියන්න එන්න එපා. අපි දන්නවා පොඩි පොඩි ප්‍රශ්න වගයක් නිසා විවේචනයක් යනවා. ගත විතරක් මහනවෙලා ඉන්නවා නම් ඔයවගේ ප්‍රශ්නවලට යනවා. ගතයි සිතයි දෙකම හොඳට ගොඩ නගාගත්ත භික්ෂුව මේ ඉන්නේ හොඳට. ඉතින් ඔය මහන කරන්න හිස රැවුල බානකොට ඔලුව බාපු අයත් ඉන්නවා. එයගොල්ලෝ ඉතින් පොඩි පොඩි දේවල් සිද්ධවෙනවා, ඒකට සියලු ස්වාමීන්වහන්සේලා වගකියන්න ඕන නෑ. 


පන්සල්වල මේ විදුලිබිල මට 48,000ක්. දැන් බුද්ධරූපේ කරුවලේ. හැබැයි මම එක ප්‍රශ්නයක් අගමැතිතුමනි ඔබතුමාගෙන් අහනවා. මේ රටට දැන් සංචාරකයෝ එන්නේ මොකටද. මොනවා බලන්නද. අපේ වෙහෙර විහාර අපේ චිත්‍ර අපේ නටඹුන්, අපේ පන්සල්, අපේ සංස්කෘතිය, අපේ සභ්‍යත්වය, අපේ ශිෂ්ඨාචාරය බලන්න. එතකොට වැඩියෙන් සල්ලි කවුරුනිසාද ලැබෙන්නේ රටට අපි නිසා. බෞද්ධයෝ නිසා. පන්සල් ටික නිසා. හැබැයි ආණ්ඩුවට ඒක මතක නෑ. පන්සල්වල අපේ විදුලිය දාන්න බෑ. ඉතින් මේවට මේ පමණක් අති පණ්ඩිත ගොන් ඇමතිවරු බොහොම උද්දච්ඡ අහංකාර විදියට කතාකරනවා මම දැකල තියෙනවා. එතකොට මේ බුද්ධාගම සුරක්ෂා කර පෝෂණය කරනවාය කියලා අපේ පන්සල්වල විදුලියත් කපලා නම්, විදුලි බිල් ගෙවාගන්න බැරිනම් කොහේද සුරක්ෂිත වෙන්නේ. කොහොමද පෝෂණය කරන්නේ. ආණ්ඩුව කරගන්න බැරුව අපේ එකටත් අතදාලා ඒකත් කන්න හදනවා. යාන්තම් පැලැස්තර දාලා අටවාගෙන යන අටමගලක් නේ තියෙන්නේ. අපිට අත තියන්න එන්න එපා, අපි තාම නැගිට්ටේ නෑ. නැගිට්ටවන්න එපා.


දැන් මට නිකන් වටින් ගොඩින් ආරංචි වෙනවා. මේ උතුරු නැගෙනහිර පිළිබඳව විවිධ අදහස්. කරුණාකරලා නැති ප්‍රශ්න ඇතිකරන්න එපා රටේ. මිනිස්සුන්ට ජීවත්වෙන්න බැරුව කල්පනා කරමින් ඉන්න අවස්ථාවක. තව ජාතික ප්‍රශ්නත් උග්‍ර විදියට ඇතිකරලා. සිංහල දෙමළ අනිත් ජාතීන් සමග ගැටුම් ඇතිකරලා ඒ කටයුත්ත කරන්න ලෑස්ති වෙන්න එපා මේ ආණ්ඩුව. මේ දේශපාලන කොටස්වලටයි උතුරු නැගෙනහිර ප්‍රශ්නයක් තියෙන්නේ. ජනතාවට නෙවෙයි.”

No comments

Ads Place