Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තරුණ ඉන්දීය නිළි ටුනීෂා ෂර්මා දර්ශන තලයේ දී ගෙල වැල ලා ගෙන මිය යයි!

  ඉන්දියාවේ ප්‍රකට රූපවාහිනී  කතාමාලාවක රූගත කිරීම් අතරතුරදී ඉන්දීය නිළියකවන විසි හැවිරිදි  ටූනීෂා ෂර්මා අද (25)  සියදිවි නසාගෙන ඇතැයි ඉන්දී...

 


ඉන්දියාවේ ප්‍රකට රූපවාහිනී  කතාමාලාවක රූගත කිරීම් අතරතුරදී ඉන්දීය නිළියකවන විසි හැවිරිදි  ටූනීෂා ෂර්මා අද (25)  සියදිවි නසාගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තාවන්ට අනුව  මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පල්ගාර් දිස්ත්‍රික්කයේ  රූගතකිරීමක් අතර  සිදුවූ මෙම සියදිවි නසා ගැනීමට අනුබල දීම සම්බන්ධයෙන් ඇයගේ සම නළුවා වන ෂීසන් මොහොමඩ් ඛාන්ට චෝදනා එල්ල වී තිබේ.


රංගන භූමියේ වැසිකිළිය වෙත ගොස් ඇති මෙම තරුණ නිලිය බොහෝ වෙලාවකින් නොපැමිණීම හේතුවෙන් දොර කඩා බලන විට ඇය එහි ගෙල වැල ලාගෙන සිටිනු දක්නට ලැබී ඇත.


ටූනීෂා ෂර්මා රෝහලට රැගෙන යනවිට මියගොස් ඇත.


ටූනීෂා ෂර්මා සියදිවි නසාගැනීමකින් මිය ගිය බව දර්ශන තලයේ සිටි  පිරිස  පවසද්දී, පොලිසිය පවසා ඇත්තේ  තමන් සියලු කෝණ විමර්ශනය කරමින් පරීක්ෂණ මෙහෙයවන බවය.


ටූනීෂා ෂර්මා සෝනි රූපවාහිනී වැඩසටහනක්වන ‘මහාරණ ප්‍රතාප්’ හි ළමා නිළියක ලෙස රංගනයට පිවිසි අතර එහිදී ඇය චාන්ද් කන්වර්ගේ චරිතය රඟපෑවාය.


එතැන් සිට, ඇය සංදර්ශන සහ බොලිවුඩ් චිත්‍රපට ගණනාවකට එක් වූවාය.


ටුනීෂා ෂර්මා  ඇයගේ මරණයට පැය කිහිපයකට පෙර දර්ශන තලයේ ඡායාරූප පෙළක් පල කර  Instagram  සටහනක් තබා තිබිණි.


“ තමන්ගේ ආශාවන් විසින් මෙහෙයවන පුද්ගලයෝ නරත නොවෙති“

No comments

Ads Place