Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අම්මලා තාත්තලාට පණිවුඩයක්! ළමයාගේ කාමරේ පිච්චිච්ච බල්බ්-පෑන් බට වැඩිපුර තියෙනවා නම් ‌ටිකක් හොයලා බලන්න! අයිස්වලට පුරුදු වෙලා වෙන්න පුළුවන්!

  තරුණ දරුවන් සිටින නිවෙස් තුළ සූත්‍රිකාව (ෆිලමන්ට්) පිළිස්සී ගිය බල්බ්, විනිවිද පෙනෙන පෑන් බට අනවශ්‍ය ලෙස ගොඩගසා ඇත්නම් ඒ පිළිබඳ වැඩි අවධාන...

 


තරුණ දරුවන් සිටින නිවෙස් තුළ සූත්‍රිකාව (ෆිලමන්ට්) පිළිස්සී ගිය බල්බ්, විනිවිද පෙනෙන පෑන් බට අනවශ්‍ය ලෙස ගොඩගසා ඇත්නම් ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්නැයි ප්‍රජා වෛද්‍ය විශේෂඥ සේනක ගමගේ මවුපියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වූ තරුණ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේදී මෙම අවශේෂ ද්‍රව්‍ය ඉන්හේලරයක් ලෙස උපයෝගි කරගන්නා බව වාර්තා වී ඇති බවයි හෙතෙම පෙන්වා දෙන්නේ.

අයිස් මත්ද්‍රව්‍ය එක් දිනක් භාවිත කළ දරුවෙකුට එය නැවත නැවත භාවිත කිරීමේ අවශ්‍යතාව පැනනගින බවත් මෙහි අන්තර්ගත රසායනිකයන් මගින් මොළයේ ඩෝපමින් රසායනිකය වේගයෙන් ස්‍රාවය කරන බවත් හඳුනගෙන ඇති බැවින් මතක ශක්තිය වර්ධනය වීමක් සහ සිරුරට හොඳ ශක්තියක් හා ජවයක් ලැබීම වැනි අසාමාන්‍ය විපර්යාසයන් සිරුර තුළ ඇති කරන බවද විශේෂඥවරයා පෙන්වා දෙයි.

අයිස් මත්ද්‍රව්‍යවල අන්තර්ගත රසායනිකයන් මගින් එයට අබ්බැහිවීමක් සිදුකරන අතර, කල් යෑමේදී ඩෝපමින් රසායනිකය ස්‍රාවය වීම අඩපණ කරනු ලබන බැවින්, මේහි ප්‍රතිඵලයක් ලෙස හෘදයාබාධ, ආඝාතය, මානසික විකෘතිතාවන් ඇතුළු බෝ නොවන රෝග රැසක් ඇතිවන බවද හෙතෙම සඳහන් කරයි.

lankasara

No comments

Ads Place