Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජීවමානව සිටි ලෝක පාපන්දු පුරාවෘතය පේලේ දිවි සැරියෙන් සමු ගනී….

  ජීවමාන පාපන්දු පුරාවෘතය ලෙස ලෝක බහුමානයට පත් වූ බ්‍රසිලයේ ශ්‍රේෂ්ඨ පාපන්දු ක්‍රීඩක පේලේ දිවි සැරියෙන් සමුගත්තේය. පිළිකා තත්ත්වයක් හේතුවෙන්...

 



ජීවමාන පාපන්දු පුරාවෘතය ලෙස ලෝක බහුමානයට පත් වූ බ්‍රසිලයේ ශ්‍රේෂ්ඨ පාපන්දු ක්‍රීඩක පේලේ දිවි සැරියෙන් සමුගත්තේය.

පිළිකා තත්ත්වයක් හේතුවෙන් කලෙක සිට ප්‍රතිකාර ගනිමින් සිටි ඔහු මිය යනවිට 82 හැවිරිදි වියේ පසුවූයේය.

පේලේ සිය නම ඉදිරියෙන් ලෝක වාර්තා ගණනාවක් සටහන් කරගෙන සිටි අසිරිමත් ක්‍රීඩකයෙකි.


තරඟ 92 කදී ගෝල 77 ක් ලබා බ්‍රසීලයේ සර්වකාලීන වැඩිම ගෝල ලාභියා වූයේ පේලේය. ඔහු 1958 දී 17 හැවිරිදි වියේ පසුවෙමින් සිය මුල්ම ලෝක කුසලානය බ්‍රසීලයට රැගෙන ඒමට සමත් වූ කණ්ඩායමේ ජයග්‍රාහී නියමුවා වූයේය. ලෝක කුසලාන තරගාවලියක ගෝලයක් රැස් කළ ලාබාලතම ක්‍රීඩකයා වූයේ ඔහුය.


සත්කාරක ස්වීඩනය පරාජය කිරීමට අවසන් මහා තරගයේදී ගෝල දෙකක් වාර්තා කිරීමට පේලේ සමත් වීමත් සමග ඔහු පාපන්දු ක්‍රීඩාවේ සලකුණක් බවට පත් වූයේය.


පේලේ බ්‍රසීලයේ සාඕ පව්ලෝ හි දුප්පත් පවුලක Edson Arantes do Nascimento ලෙස උපත ලැබීය. ඔහු වර්ෂ 1958, 1962 සහ 1970 වසරවල බ්‍රසීලය සමඟ ලෝක කුසලාන දිනා ගත්තේය.

සමස්තයක් වශයෙන්, පේලේ ලෝක කුසලාන තරග 14 කදී ගෝල 12 ක් රැස් කරගෙන තිබිණි.

ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ තමන් ක්‍රීඩා කළ ක්‍රීඩා සමාජ සහ රට වෙනුවෙන් තරඟ 1363 කදී ගෝල 1,281 ක් රැස් කර තිබිණි.

ඔහු වර්ෂ 1977 දී පාපන්දු ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත්තේය.

විශ්‍රාම ගැනීමෙන් පසු පේලේ පාපන්දු ක්‍රීඩාවේ තානාපතිවරයකු ලෙස කටයුතු කළේය. 2013 දී, ඔහුගේ වෘත්තීය සහ ජයග්‍රහණ අගයමින් ඔහුට FIFA Ballon d’Or Prix d’Honneur සම්මානය පිරිනමන ලදී.

2020 දී, ඔහු Ballon d’Or Dream Team හි   දී ඔහු ලෝක පාපන්දු ක්‍රීඩාවේ සර්වකාලීන විශිෂ්ටතම ක්‍රීඩකයෙක් ලෙස නම් කෙරිනි.

1958 බ්‍රසීල ස්වීඩ්න් ෆිෆා ලෝක කුසලාන අවසන් මහා තරගය…

No comments

Ads Place