Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආශු මාරසිංහ ඉල්ලා අස්වෙන්නෙ ඔහු සුනඛයෙකුට ලිංගික අතවර කරන සිද්ධියක් මාධ්‍යයට හෙළි කරන්න කලින් – හිරුණිකා

  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ  සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත්තේ සුනඛයෙක් සමග ඔහු  පවත්වාගෙන ගිය ලිංගික සම්බ...

 



පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ  සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත්තේ සුනඛයෙක් සමග ඔහු  පවත්වාගෙන ගිය ලිංගික සම්බන්ධතාවයක් සම්බන්ධව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් ඡායා රූප සහිතව  මාධ්‍ය සාකච්ඡාවක් තබා හෙළි කිරීමට පෙර බව වාර්තා වේ.


ආශු මාරසිංහ ආදර්ශා නැමැති කාන්තාව විසින් සුරතලයට ඇති කරන බලු පැටවා   ලිංගිකව අතවරයකට ලක් කරන ආකාරය සම්බන්ධව ඡායාරූප පෙළක් අද හිරුණිකා ප්‍රේමන්ද්‍ර විසින් මාධ්‍යයට හෙළිදරවු කළාය.


ඇය පවසා සිටියේ මේ රටේ ජනාධිපතිවරයාගේ ප්‍රධාන උපදේශකවරයා මේ තරම් විකෘති මානසිකත්වයකින් පෙළෙන පුද්ගලයෙක් නම් රටේ ජනාධිපතිවරයාගේ මානසිකත්වය තේරුම් ගන්නා ලෙසය.


එමෙන්ම ජනාධිපතිවරයාගේ දකුණු අත මෙන් සිටින පුද්ගලයෙක් නුවර කොළඹ ප්‍රධාන පාසල්වල වයස අවුරුදු 18 ට අඩු තරුණ පිරිමි දරුවන්ට තෑගි භෝග වරදාන දී තමන්ගේ ලිංගික අවශ්‍යතා සපුරා ගන්නා බව එම පාසල්වල රගර් කණ්ඩායම්වල ප්‍රකට රහසක් බවය.


එක්සත් ජාතික පක්ෂයේ දැන් ඉතිරි වී සිටින්නේ මෙවැනි ලිංගික විකෘතිකයින් පිරිසක් බව ද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පැවසුවාය.


මේ තැනැත්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පුරා වසර හතරක් රටේ නීති හදන්නෙක් ලෙස කටයුතු කළ පුද්ගලයෙක් බව හිරුණිකා කීවාය.   නිවසේ සුරතලයට ඇති කරන  බල්ලෙකුට ලිිංගික අතවර කරන මේ පුද්ගලයා රටේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් කර ඇති බවත්, එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය මේ සම්බන්ධව තමන්ගේ ස්ථාවරය පැහැදිලි කළ යුතු බවත් ඇය අවධාරණය කළාය.


එම හැසිරීම පිළිගන්නේ නම් මේ පුද්ගලයාට අධිකරණමය ක්‍රියාමාර්ගයක් ගන්නවා ද නැද්ද යන්න පැහැදිලි කළ යුතු බව ද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ප්‍රකාශ කළාය.


දසත ලංකා විසින් එම මාධ්‍ය සාකච්ඡාව ආවරණය කර තිබුණේ මෙසේය.

No comments

Ads Place