Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නම කැත කරගත් පුංචි පොහොට්ටුවන්ට නාම යෝජනා නෑ..

නම කැත කර ගෙන සිටින පළාත් පාලන නියෝජිතයන් කිසිවකුට මෙම මෙවර නාම යෝජනා ලබා නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ස...



නම කැත කර ගෙන සිටින පළාත් පාලන නියෝජිතයන් කිසිවකුට මෙම මෙවර නාම යෝජනා ලබා නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.

දේශපාලනයට පිවිසීමෙන් පසුව නම කැත කර ගත් ප්‍රාදේශීය මට්ටමේ මහජන නියෝජිතයන් කිහිපදෙනෙකු පක්ෂය තුළ සිටින බවට තොරතුරු ලැබී ඇතැයි ද මන්ත්‍රීවරයා පැවසීය.

පළාත් පාලන මැතිවරණයට අදාළ අපේක්ෂකයන් තෝරා ගැනීමේ සම්පූර්ණ පරීක්ෂණවලදී මේ අයට අපේක්ෂකත්වය ලබා නොදුන් බවද හෙතෙම කියා සිටියේය.

මැතිවරණ අපේක්ෂකයන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ මේ වන විට ආරම්භ කර ඇති බව ද හෙතෙම තවදුරටත් පැවසීය.

No comments

Ads Place