Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නුවර පොලිසියෙන් බේරුණ නුවර “ස්පා“ මාතලෙන් ඇවිත් අල්ලයි!

  දීර්ඝ කාලයක් තිස්සේ සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය බව කියන  ගණිකා මධ්‍යස්ථානයක් දෙකක්  ඊයේ (22) පස්වරුවේ සහ රාත්‍රියේ  මාතලේ...

 



දීර්ඝ කාලයක් තිස්සේ සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය බව කියන  ගණිකා මධ්‍යස්ථානයක් දෙකක්  ඊයේ (22) පස්වරුවේ සහ රාත්‍රියේ  මාතලේ සිට පැමිණි විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් වටලා තිබේ.


මෙම වැටලීමෙන්  එහි කළමනාකරවරියන් දෙදෙනා ඇතුළු සේවා සපයන    කාන්තාවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.


මෙම ස්ථාන දෙක පිහිටා ඇත්තේ මහනුවර පේරාදෙණිය පාරේ ප්‍රධාන පිරිමි ජාතික පාසලක්  ආසන්නනයේ සහ මහනුරව දෙවැනි රාජසිංහ මාවතේ ප්‍රධාන හෝටලයක් අසල ය.


අත්අඩංගුවට ගත් කාන්තාවන් අවුරුදු 28-45 අතර වයසේ පසුවන බව ද ඔවුන්ට ආයුර්වේද සම්භාහනය සම්බන්ධව කිසිදු දැනුමක් හෝ පුහුණුවක් නොමැති බවද විමර්ශනයේ දී හෙළි වී ඇත.


අත්අඩංගුවට ගත් කාන්තාවන් මහනුවර හා අනුරාධපුර පදිංචිරුවන් බව පොලීසිය පවසයි.


මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්නගේ උපදෙස් මත මාතලේ පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු සහ මාතලේ ළමා හා කාන්තා කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරියක ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර ඇත.


මෙම ස්ථානය පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයන්  මහනුවර ඉහළ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු  සමඟම සමීප සම්බන්ධතා පවත්වමින් මෙම ගණිකා මධ්‍යස්ථානය පවත්වා ඇතැයි වාර්තා වේ.


අත්අඩංගුවට ගත් කාන්තාවන් වැඩිදුර පරීක්ෂණ සඳහා මහනුවර පොලීසියේ දූෂණ මර්දන අංශය වෙතා බාරදී තිබේ.

No comments

Ads Place