Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනවාරියේ සිට විදුලි බිල යළි ඉහළට

  එළඹෙන ජනවාරි මාසයේ සිට විදුලි බිල නැවත ඉහළදැමීමට පියවර ගන්නා බව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසා ඇතැයි වාර්තා වේ. අද පැවති ප්‍රවෘත...

 


එළඹෙන ජනවාරි මාසයේ සිට විදුලි බිල නැවත ඉහළදැමීමට පියවර ගන්නා බව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසා ඇතැයි වාර්තා වේ.


අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඇමතිවරයා මේ බව පවසා ඇත. එමෙන්ම මෙහිදී අමැතිවරයා පවසා ඇත්තේ 2023 වසරේ සිට දෛනිකව පැය 10ක් විදුලිය කප්පාදු කිරීමට සිදුවන බවට පළවන වාර්තාවල සත්‍යතාවයක් නොමැති බවයි.


නොරොච්චෝලේ බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු මිලදී ගැනීම පමාවීම හේතුවෙන් ජනවාරි මාසයේ සිට දෛනිකව පැය 10ක් විදුලිය කප්පාදු කිරීමට සිදුවිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඊයේ (20) පවසා තිබූ පසුබිමක ඇමතිවරයා සදහන් කර ඇත්තේ එම ප්‍රකාශය සිදුකළ විදුලි ඉංජිනේරු සංගමයේ සභාපතිවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස තමන් බලධාරීන්ට උපදෙස් දුන් බවය.


-lankaleadnews-

No comments

Ads Place