Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කැම්පස්, ගියේ ගෞතම බෞද්ධ භික්ෂුවය – ආපසු ආවේ ලෙනිංගේ භික්ෂුවය

  උසස් පෙළ ලියන ගමේ පංසලේ ප්‍රියමනාප පොඩි උන්නාන්සේ… කෝටියක් භික්ෂු සංවර විනය පවතිනවා කියන උපසම්පදාව සහිත චීවරය දරාගත්ත පොඩි උන් වහන්සේ … වි...

 


උසස් පෙළ ලියන ගමේ පංසලේ ප්‍රියමනාප පොඩි උන්නාන්සේ…


කෝටියක් භික්ෂු සංවර විනය පවතිනවා කියන උපසම්පදාව සහිත චීවරය දරාගත්ත පොඩි උන් වහන්සේ …


වියත්ධර භික්ෂුවක් බවට පත්කිරීමට හතරපේරුවේ දායකකාරකාදීන් පංසලට පුජා කරන මිළ මුදලින් වියපැහැදම් දරා විශ්ව විද්‍යාලයට එවු පසු…


පළමු වසර දෙවනි වසර වනවිට රැවුළ කොන්ඩය වවාගෙන “දේශපාලනික” සටන්වාදී චීවරධාරියෙකු බවට පත්වී උපසම්පදා ශීලය වෙනුවට සහෝදරශීලයට අනුගතවී බුද්ධ ධර්මය වෙනුවට සමාජවාදය ප්‍රගමණයට කැපවෙයි නම් භික්ෂුව වෙනුවෙන් භික්ෂු අධ්‍යාපනය වෙනුවෙන්ම පිහිටවු පාළි සහ බෞද්ධ විශ්ව විද්‍යාලය ඇතුළු රටේ විශ්ව විද්‍යාල පද්ධතියේ විෂය අධ්‍යයන භික්ෂු පරපුර බරපතළ අවුලකට පත්ව ඇත.


රටේ මහජන මුදලින් නඩත්තු,කරන බන්ධනාගාරයට සුළු වැරැද්දකට ඇතුළට දාන මිනිසා සංවිධානාත්මක අපරාධකරුවෙකුට අවශ්‍ය කෛරාටික බවෙන් එළියට එනවනම්,  රටේ මහජන මුදලින් නඩත්තු වන විශ්ව විද්‍යාලයකට ඇතුළු වී මුලික පැවිදිහරයෙන් පවා මිදුනු ඔල්මොරොන්දම් වු භික්ෂුවක් එළියට එයිනම්, එයින් අදහස් වන්නේ බන්ධනාගාරයද විශ්ව විද්‍යාලයද ඇතුලෙන් සමාජයට එළියට පුහුණු,කර එළියට දෙන්නේ සමාජ අනතුරක් බවය..


රටේ,නීති සැකසිය යුතුය. වල් බුරු නිදහස ප්‍රජාතන්ත්‍රවාදය ඇතුලේ තව දුරටත් ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය අයාලේ යයි නම් එය සමාජයට කරන බරපතළ අපරාධයකි.


මේ චීවරය කරට අරං දගලන අර්ධ රැවුල් කොන්ඩධාරී සමාජවාදී නිකායට අහුවුන කොළඔ නුවර වැනි ධනවත් බලවත් පංසල්වල භික්ෂුන් නැතිය. හිටියත් ඔවුන් මේ කල්ලි වාදයට ගොදුරුවී විනාශ වීමට ඉඩ හදා නැත.


අමාරුවෙන් උගන්වා ඉහළ බලාපොරොත්තු සහිතව කැම්පස් එව්ව ඈත පිටිසර පංසලේ භික්ෂුව විනාශ වෙමින් පවතින්නේය.


සිස්ටම්,චේන්ජ් විය යුත්තේ මේවා නිවරදි කිරීමටය.


– නුවන් මොණරවිළ –

No comments

Ads Place