Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලෝක කුසලානය අතට ගත් පසු මෙසී රිවස් වෙයි… පා පන්දු දිවියෙන් සමු නොගන්නා බව කියයි!

  ප්‍රංශයට එරෙහිව පැවැත්වෙන FIFA ලෝක කුසලාන 2022 අවසන් මහා තරගය තමන්ගේ ජාත්‍යාන්තර පාපන්දු දිවියට සුදුසු අවසානයක් වනු ඇතැයි මීට සතියකට පෙර ප...

 


ප්‍රංශයට එරෙහිව පැවැත්වෙන FIFA ලෝක කුසලාන 2022 අවසන් මහා තරගය තමන්ගේ ජාත්‍යාන්තර පාපන්දු දිවියට සුදුසු අවසානයක් වනු ඇතැයි මීට සතියකට පෙර පැවසූ ලියනොල් මෙසී ඊයේ (18) ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් පසු තමන් ජාත්‍යාන්තර පාපන්දු දිවියෙන් සමු නොගන්නා බව නිවේදනය කළේය.


ලියනොල් මෙසී  TyC Sports වෙත කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් Goal.com වෙබ් අඩවිය  වාර්තා කර තිබුණේ  කළේ ඔහු දිගටම ආර්ජන්ටිනාව වෙනුවෙන් ක්‍රීඩා කරන බවත් සමු ගැනීම සඳහා සූදානමක් නැති බවත්ය.


ඔහුගේ මෙම ආපසු හැරීම සිදුවන්නේ ආර්ජන්ටිනාව වත්මන් ශූර ප්‍රංශය අභිබවා ලොක කුසලාය  ජය ලැබීමෙන් පසුවය. සුපිරි ක්‍රීඩක ඩියෙගෝ මැරඩෝනා ප්‍රමුඛ ආජන්ටිනා පිල 1986 ලෝක කුසලානය ජය ගැනීමෙන් පසු වසර 36ක ඇවෑමෙන් ආජන්ටිනාව නැවත    පාපන්දු ලෝක කුසලානය    මෙසීගේ නායකත්වය යටතේ දිනා ගත්තේය.  ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ  ආජන්ටිනාව පාපන්දු ලෝක කුසලානයක් දිනූ 3වන අවස්ථාව මෙයය.


මෙම ලෝක කුසලානය දිනා ගන්නට පෙර මෙසී මෙසේ ලෝකයට කීවේය.


“මට ඉමහත් සතුටක් දැනෙනවා   මගේ අන්තර්ජාතික  පාපන්දු ක්‍රීඩාවේ  අවසන් තරගය   ලෝක කුසලාන අවසන් මහා තරගයට ක්‍රීඩා කරමින්   අවසන් කිරීමට ලැබීම ගැන… ඊළඟ ලෝක කුසලානයට  තව අවුරුදු ගාණක් තියෙනවා. මම හිතන්නේ නැහැ මට ඒක කරන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම මේ විදියට ඉවර කරන එක තමයි හොඳම දේ”  ”  පසුගිය සතියේ ආර්ජන්ටිනාවේ මාධ්‍ය වෙත මෙසී කළ එම  ප්‍රකාශයත් සමග ලොව පුරා පාපන්දු ක්‍රීඩාලෝලීහු හැඟීම්බර වූහ.  අපේක්ෂාවන් පිරි  ප්‍රතිචාර දැක්වූහ.


එහෙත්  රසිකයන් පුදුමයට පත් කරමින්  ඔහු ඊයේ සිය තීරණය කර ඇත.


කටාරයේ පැවති අවසන් තරගයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ තමන්ට ලෝක ශූරයෙකු ලෙස තවත් තරග කිහිපයක් අත්විඳීමට අවශ්‍ය බවය.


ලියනොල් මෙසී ප්‍රථම වරට ලා අල්බිසෙලෙස්ටෙ කණ්ඩායමට 2005 වසරේදී තරග කළේය. ඔහු මුල්වරට ලෝක කුසලාන තරගාවලියකට මුහුණදෙනු ලැබුවේ 2006 වසරේදිය. ඔහු 2008 වසරේදී ඔලිම්පික් රන් පදක්කමක් ද දිනා ගනු ලැබුවේය.


මෙවර  තරගාවලියේ වටිනාම ක්‍රීඩකයාට හිමි ගෝල්ඩන් බෝල් සම්මනය හිමිකර ගත්තේ ආජන්ටිනා නායක ලියොනල් මෙසීය.


මෙසී 2014 ලෝක කුසලානයේදිද වටිනාම ක්‍රීඩකයා බවට පත්වූ අතර ඒ අනුව ඔහු වාර්තා අතරට එක්වූයේ ගෝල්ඩන් බෝල් සම්මානය දෙවරක් හිමිකරගත් ලොව පළමු ක්‍රීඩකයා ලෙසය.


එමෙන්ම ඊයේ තරගයත් සමග පාපන්දු ලෝක කුසලාන තරග 26කට ක්‍රීඩා කළ මෙසී වැඩිම ලෝක කුසලාන තරග සංඛ්‍යාවකට ක්‍රීඩාකළ ක්‍රීඩකයා ලෙස ලෝක වාර්තාවක් පිහිටුවීමටද සමත් වුණි.


සිය තීන්දුව වෙනස් කළ ලියනොල් මෙසී තවත් ලෝක කුසලාන තරගාවලියකට සහභාගී වීමේ අපේක්ෂාව ලෝකයට පෙන්වා ඇත.

No comments

Ads Place