Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හිඟමනට වැටුණු තෙල් සංස්ථාව විගණනයත් හොල්මන් කරමින් කළ කොමිස් බෙදිල්ල

  ලලිත් චාමින්ද –  බෙදුම්කරුවන්ට රුපියල් මිලියන 6500ක වැඩිපුර කොමිස් මුදල් ගෙවලා. එක් දිනක් තුළ වැඩිපුර ගෙවු කොමිස් මුදල් රුපියල් මිලියන 67....

 


ලලිත් චාමින්ද – 

  • බෙදුම්කරුවන්ට රුපියල් මිලියන 6500ක වැඩිපුර කොමිස් මුදල් ගෙවලා.

  • එක් දිනක් තුළ වැඩිපුර ගෙවු කොමිස් මුදල් රුපියල් මිලියන 67.9ක්.  වැඩිපුර කොමිස් මුදල් ගෙවිම නිසා ඔක්ටේන් 92 පෙට්‍රල් ලිටරයක් වෙනුවෙන් 64ක් සහ, ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් වෙනුවෙන්  11.10ක් පාරිභෝගිකයින්ට වැඩිපුර ගෙවිමට සිදුවෙලා.

  • නියෝජිතයින්ට අතිරේක කොමිස් මුදලක් ගෙවමින්  ඉන්ධන බෙදාහැරිමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක විගණනයටත්  පැහැදිලි නැතිලු.

ඛනිජතෙල් ආනයනය කිරීම සඳහා ඩොලර්   සපයා ගැනීමට අවශ්‍ය රුපියල් ප්‍රමාණය සපයා ගැනීමේ  අර්බුදයකට ඛනිජතෙල් නීතිගත සංස්ථාව පත්වි තිබිය දී  එම සංස්ථාව විසින්  අධ්‍යක්ෂක මණ්ඩල තිරණයට පටහැනිව  බෙදුම්කරුවන් සඳහා ඉකුත්  දින 50ක (2022 ජුලි 26 සිට  සැප්තැම්බර් 15) කාලය තුළ   රුපියල් මිලියන 6,500කට අධික කොමිස් මුදලක් වැඩිපුර ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

එමෙන්ම   රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ  බෙදුම්කරුවන්ට දෛනිකව ලබාදෙන ඛනිජතෙල්  සැපයුම තුනෙන්  දෙකක මට්ටමකට සිමාකර තිබුණි.

මේ නිසා  අධ්‍යක්ෂක මණ්ඩලයේ තීරණයට අනුව  2022 ජුලි මස  26 දිනට බෙදුම්කරුවන්ට  ගෙවිය යුතු නියමිත කොමිස් මුදල  රුපියල් මිලියන 30.7කි.

එහෙත් අධ්‍යක්ෂක මණ්ඩලයේ තිරණය   නොසලකා දිනකට රුපියල් මිලියන  98.6ක්  බෙදුම්කරුවන්ට ගෙවීම හේතුවෙන්  එක් දිනක් තුළ  ගෙවනු ලැබු වැඩිපුර කොමිස් මුදල රුපියල් මිලියන 67.9කි.

එදින සිට මාසයක් තුළ වැඩිපුර ගෙවා තිබු කොමිස් මුදල රුපියල් මිලියන 1960 ක් ( බිලියන 1.96ක්) බවද විගණන වාර්තාවේ සඳහන් වේ. දෛනික ඛනිජතෙල් සැපයුම් සිමාකොට  තිබයදී පවා  ඉහළ සීමාව නොසලකා බෙදුම්කරුවන්ට කොමිස් මුදල් ගෙවා තිබුණි.

මේ නිසා වසරකට ගෙවියයුතු කොමිස් මුදල රුපියල් මිලියන 24,444ක් විය. ( බිලියන 24.44ක්).

මෙසේ වැඩිපුර ගෙවිමට සිදුවන කොමිස් මුදල සංස්ථාවේ සේවකයින් සඳහා ගෙවනු ලබන අතිකාල දිමනා, ප්‍රසාද දිමනා, හා වෙනත් සියලු දිමනාවල සමස්ථ සේවක පිරිවැය මෙන්  හතර ගුණයකට අධික බව විගණනය මගින් අනාවරණය කොට ඇත.

මෙම මුදලින් වසරකදි  නව ඉන්ධන පිරවුම්හල් 400 ක් (ඉඩම් හැර)  ඉදිකිරිමට හැකි බවද විගණන වාර්තාවේ සදහන් වේ.

බෙදුම්කරුවන් සදහා කොමිස් මුදල් වැඩිපුර ගෙවිම මත ඛනිජතෙල් පාරිභෝගිකයින් ඔවුන් විසින් පාරිභෝජනය කරණු ලබන සෑම ඔක්ටේන්  92 වර්ගයේ  ඔක්ටෙන් පෙට්‍රල් ලිටරයක් සඳහාම රුපියල් 8.64ක මුදලක් වැඩිපුර ගෙවීමට සිදුවනු ඇත.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් සඳහා වැඩිපුර  ගෙවීමට සිදුවන මුදල රුපියල් 11.10කි.

ඩිසල් ලිටර් 01ක් සදහා (LAD)  රුපියල් 9.27ක මුදලක්ද ,LSD ඩිසල් ලිටරයක් සඳහා රුපියල් 10.95ක වැඩිපුර මුදලක්ද පාරිභෝගිකයින්ට ගෙවීමට සිදුවන බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

එමෙන්ම ඉකුත් වර්ෂයේ දි (2021) තෝරාගත් අලෙවි නියෝජිතයින් 05 දෙනෙකු සඳහා අතිරේක කොමිස් මුදලක් ගෙවමින්  ඉන්ධන බෙදාහැරීම හේතුවෙන්  රුපියල් මිලියන 132.453ක තවත් අතිරේක කොමිස් මුදලක් ගෙවා තිබු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

ඛනිජතෙල් නිතිගත සංස්ථාව විසින් තෝරාගත් අලෙවි නියෝජිතයින්ට  අදාළ කොමිස් මුදල්  ලබාදි  සෘජුවම පාරිභෝගිකයින් වෙත ඉන්ධන බේදාහැරිමේ ක්‍රමවේදයක්  2008 වර්ෂයේ සිට ක්‍රියාත්මක කොට තිබුණි. සංස්ථාවට  සෘජුවම පාරිභෝගිකයින් වෙත  ඉන්ධන අලෙවි කිරිමේ හැකියාව තිබියදී  නියෝජිතයින්ට අතිරේක කොමිස් මුදලක්  ගෙවමින්  මෙවැනි ඉන්ධන බෙදාහැරිමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරිමේ පදනම විගණනයට ද  පැහැදිල නොමැති බව  විගණන වාර්තාවේ සඳහන් වේ.

අධ්‍යක්ෂක මණ්ඩල තිරණයට අනුව 2019 වර්ෂයේ දි ඛනිජ තෙල්වල දේශිය වෙළඳපොළේ  මිල  උච්ඡාවචනයන්ගේ බලපැම් මත  ඉහළ සහ පහළ සිමාවන්ට යටත්ව  බේදුම්කරුවන් සඳහා  ගෙවනු ලබන කොමිස් ප්‍රතිශතය තීරණයකර තිබුණි.  විනිමය හිඟය හේතුවෙන් ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ දේශිය  ඛනිජතෙල් නිෂ්පාදනවල මිල ගණන්  සිඝ්‍රයෙන්  ඉහලගොස් තිබුණි.

එහෙත් සංස්ථාවේ සභාපතිවරයා විසින්  අධ්‍යක්ෂක මණ්ඩලයේ  අනුමැතියට යටත්ව  ඉහළ සිමාවන්  නොසලකා (upper  cap) බෙදුම්කරුවන්ට කොමිස් මුදල් ගෙවීමට කටයුතු කරතිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

ඒ සඳහා අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය ලබාගැනිමට කටයුතු කර නොතිබුණි.


No comments

Ads Place