Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සිසුන්ගේ දිවෙන් ඉඳුල් සුද්ධ කළ දික්වැල්ලේ මැඩම් ගැන පොලිස් විමර්ශනයක්

    මාතර, දික්වැල්ල කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන දික්වැල්ල ගොඩඋඩ ප්‍රදේශයේ පාසලක විදුහල්පතිනිය විසින් 10 ශ්‍රේණියේ සිසුන්. කිහිප දෙන...

 


 

මාතර, දික්වැල්ල කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන දික්වැල්ල ගොඩඋඩ ප්‍රදේශයේ පාසලක විදුහල්පතිනිය විසින් 10 ශ්‍රේණියේ සිසුන්. කිහිප දෙනෙකුට ඉඳුල් ආහාර දිවෙන් ඉවත් කිරීමට නියෝග කිරීමක් පිළිබඳව සමාජ මාධ්‍යයේ පළ වන වීඩියෝවක් සම්බන්ධයෙන් මේ වනවිට පුළුල් විමර්ශනයක් කරමින් පවතින බව පොලිසිය කියයි.


මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල කලාපයක පාසලක සිසුන් දිවා ආහාරයෙන් පසු ආහාර ලබා ගැනීමට යොදාගත් ඩෙස් මත ආහාර ඉඳුල් හලා තිබීම නිසා ඒවා ඉවත් කර පිරිසුදු කරන ලෙස කාලයක සිට විදුහල්පතිනිය සිසුන්ට අවවාද කර ඇති බව කියයි.


එහෙත් අවවාදය නොපිළිගෙන ආහාර ගැනීමෙන් පසු ඩෙස් බංකු පිරිසුදු නොකර ඉඳුල් එම ඩෙස් මත දමා යාම නිසා එම පාසලේ විදුහල්පතිනිය විසින් මතක හිතෙන දඬුවමක් ලබා දෙන බව පවසා සිසුන්ට මේස මත ඇති ඉඳුල් ඉවත් කරන ලෙස මෙසේ නියෝග කර තිබේ.


“පුතාලා මම හොඳට හොඳයි. ඒ වගේ ම තමයි නරකටත් නරකයි. ඉඳුල් දාපු අය පෝලිමේ ඇවිල්ලා දිවෙන් පිරිසුදු කරන්න” යනුවෙන් නියෝග කරන වීඩියෝවක් මෙම සිදුවීමට අදාළව පසුගිය දිනවල සමාජ මාධ්‍යයේ සැරිසරන්නට විය.


මෙසේ දරුවන්ට ලබාදෙන දඬුවම් තවත් පාසල් සිසුවෙකු ජංගම දුරකතනයක් ආධාරයෙන් වීඩියෝ කර ඇති බව ද පසුව සමාජ මාධ්‍යයට මුදා හැර ඇති බව ගුරුවරු පවසති.


මේ පිළිබඳව පුළුල් විමර්ශනයක් කරන බවට කලාප අධ්‍යාපන කාර්යාලයේ උසස් නිලධාරියෙක් පැවසීය.


කෙසේ වෙතත්, සිසුන් විදුහල්පතිනිය අමාරුවේ දැමීමේ චේතනාවෙන් සූදානම් සහිතව මෙය පටිගත කර ඇති බවට එම පාසලට සම්බන්ධ මවුපියෝ පිරිසක් චෝදනා කරති.

No comments

Ads Place