Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විදුලි ගාස්තු සියයට 65කින් ඉහළ දමන බව විදුලිබල මණ්ඩලය කියයි

  විදුලි ගාස්තුව සියයට 60 ත් 65 ත් අතර ප්‍රතිශතයකින් ඉහළ දැමීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න මහතා පවසයි...

 



විදුලි ගාස්තුව සියයට 60 ත් 65 ත් අතර ප්‍රතිශතයකින් ඉහළ දැමීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න මහතා පවසයි.

විදුලි ගාස්තු ඉහළ දැමීම වෙනුවෙන් යොදාගත් උපකල්පන 20න් තෝරාගත් හොඳම උපකල්පනයට අනුව එම මිල ඉහළ දැමීම කරන බවයි ඔහු සදහන් කරන්නේ.

විදුලි ඒකකයකට අය කිරීමට නියමිත අවම ගාස්තුව කුමක් ද? යන්න සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙක් විමසූ ප්‍රශ්නයකට ඔහු මෙසේ පැවසීය.

“අවම ගාණ ඒක එක එක විධියට තියෙනවා. එක එක යුනිට්ස්වල වෙනසක් තියෙනවා. 48යි 42ක් තමයි දළ වශයෙන් එන්නේ. දැනට 29යි 14ක් වගේ තමයි හම්බ වෙන්නේ. එතකොට අපි බලාපොරොත්තු වෙන්නේ 48යි 42ක්.”

පූජනීය ස්ථාන සඳහා ද අය කෙරෙන විදුලි ගාස්තුවේ යම් වැඩිවීමක් සිදු වන බවත් සාමාන්‍යාධිකාරීවරයා සදහන් කරයි.

කෙසේ වෙතත්, ඒ පිළිබඳව තවමත් සාකච්ඡා කරමින් පවතින බවයි සාමාන්‍යධිකාරීවරයා පවසන්නේ.

No comments

Ads Place