Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඩොලර් මිලියන 42ක් ඩැහැගත් ආජන්ටිනානුවෝ ලොවම කළඹති..!

  ආජන්ටිනාව සහ ප්‍රංශය අතර පැවති පා පන්දු ලෝක කුසලාන අවසන් මහා තරඟයෙන් විශිෂ්ඨ ජයක් ලැබීමට ආජන්ටිනාව සමත් වූවා. තරඟයේ මුල් භාගයේදී ගෝල 2ක් ල...

 



ආජන්ටිනාව සහ ප්‍රංශය අතර පැවති පා පන්දු ලෝක කුසලාන අවසන් මහා තරඟයෙන් විශිෂ්ඨ ජයක් ලැබීමට ආජන්ටිනාව සමත් වූවා.


තරඟයේ මුල් භාගයේදී ගෝල 2ක් ලබා ගෙන ආජන්ටිනාව පෙරමුණේ පසු වූ අතර තරඟයේ 82 වෙනි මිනිත්තුවෙන් පසුව ප්‍රංශයද ගෝල 2 ක් ලබාගෙන යළි තරඟයට අවතීර්ණ වීමත් සමඟම තරඟය උණුසුම් මුහුණුවරක් ගනු ලැබුවා.


අමතර විනාඩි 08 ක කාලයක් ලබා දී තිබූ අතර එම කාලය නිමවන විටද කණ්ඩායම් දෙකම ගෝල 2-2ක් ලෙස සම තත්වයේ පසු වූවා.


කෙසේ වෙතත් ලබා දුන් අතිරේක කාලයන් කිහිපයම නිමවන විට කණ්ඩායම් දෙකම සම ලකුණු ලබා ගෙන තිබුනා.


මෙසී ප්‍රමුඛ ආජන්ටිනාව ඒ අනුව මෙවර ශූරතාවය දිනා ගත් අතර ඔවුනට හිමිවන මුදල් ත්‍යාගයේ වටිනාකම ඩොලර් මිලියන 42කට වඩා වැඩියි.

No comments

Ads Place