Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නව විදුලි බිල සූත්‍රයෙන් මුල් ඒකක 30ට බිල රු. 3000ක්

    නව විදුලි මිල සූත්‍රය අනුව පළමු ඒකක 30ට එක් ඒකකයකට කරන අයකිරීම් රුපියල් අටේ සිට පනහ දක්වා ඉහළ දැමෙන්නේ යැයි ද ඒ අනුව පළමු ඒකක 30 වෙනුවෙන...

 


 

නව විදුලි මිල සූත්‍රය අනුව පළමු ඒකක 30ට එක් ඒකකයකට කරන අයකිරීම් රුපියල් අටේ සිට පනහ දක්වා ඉහළ දැමෙන්නේ යැයි ද ඒ අනුව පළමු ඒකක 30 වෙනුවෙන් සෑම පාරිභෝගිකයේකුට ම රුපියල් 1,500ක ස්ථාවර ගාස්තුව ද සමග රුපියල් 3,000ක බිලක් ලැබෙනු ඇතැයි ද තෙල් වරාය සමගි ඒකාබද්ධ බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත ඊයේ (දෙසැ. 18) පැවසීය.


විදුලි ගාස්තු සංශෝධන පනත් කෙටුම්පත අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත යැයි කී හෙතෙම මෙය තනිකරම කළු කඩ වෙළෙඳාමක් යැයි චෝදනා කළේ ය.


ආනන්ද පාලිත මහතා මෙසේ ද කීය.


“විදුලි ගාස්තු සංශෝධන පනත් කෙටුම්පත අද (18දා) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙච්චර කල් පළමු ඒකකයට අය කළ රුපියල් 8 මේ සමග 50ක් වෙනවා. ස්ථාවර ගාස්තු 1,500යි. ඒ කියන්නෙ ඒකක 30ක් පාවිච්චි කරන කෙනෙක් රුපියල් තුන්දාහක් ගෙවන්න ඕනෑ. විදුලි බිල වැඩිකරලා. විදුලි ඒකකයත් වැඩි කරලා. විදුලි බිල ඒ වගේ තුන් ගුණයකින් වැඩි කරලා. මේක කළු කඩයකට එහා ගිය මිල වැඩි කිරීමක්. විදේශීය පෞද්ගලික සමාගම්වලට බලාගාර විකිණීමේ අදහසින් මේ මිල වැඩි කිරීම කරන්නේ.”


විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මෙසේ කීය.


“අපි හිඟා කාලා හරි කැට හොල්ලලා හරි මේකට විරුද්ධව නඩු කියනවා. නීතිපතිත් මේකට වගකිව යුතුයි. අපි ඔහුත් නීතිය හමුවට ගේනවා. ඔය කට්ටිය ටයි එක ගලවලා ජම්පර් අඳින්න ලෑස්ති වෙන්න.”

No comments

Ads Place