Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හිඟාකන විදුලිබල මණ්ඩලය ගිය අවුරුද්දේ සේවක වැටප් 25%කින් වැඩි කරගෙන… වැඩිකළ වැටුප්වලට බිලියන 9.6යි.. ප්‍රසාද දීමනාවලට බිලියන 2.7යි..

 හිඟාකන විදුලිබල මණ්ඩලය ගිය අවුරුද්දේ සේවක වැටප් 25%කින් වැඩි කරගෙන… වැඩිකළ වැටුප්වලට බිලියන 9.6යි.. ප්‍රසාද දීමනාවලට බිලියන 2.7යි.. ලලිත් ච...

 හිඟාකන විදුලිබල මණ්ඩලය ගිය අවුරුද්දේ සේවක වැටප් 25%කින් වැඩි කරගෙන… වැඩිකළ වැටුප්වලට බිලියන 9.6යි.. ප්‍රසාද දීමනාවලට බිලියන 2.7යි..


ලලිත් චාමින්ද

විදුලිබල මණ්ඩලය අඛණ්ඩව පාඩු ලබමින් තිබියදි  නිත්‍යානුකුල ලියවිල්ලක් බවට පත්නොවු  කෙටුම්පත් සාමුහික ගිවිසුම මත  ඉකුත් වර්ෂයේ දි  (2021)  මණ්ඩලය විසින් සේවක වැටුප් සියයට 25කින් වැඩිකරගෙන  තිබු බව ජාතික විගණන කාර්යාලය පවසයි.


ඒ අනුව එම බලය නොලත් ගෙවිම හේතුවෙන් විදුලිබල මණ්ඩලයට  සිදුවු අහිතකර බලපැම දළ වශයෙන් රුපියල්  බිලියන 9.6ක් බවද  විගණනය මගින් අනාවරණය කොට ඇත.


එමෙන්ම කෙටුම්පත්  සාමුහික ගිවිසුම මත පදනම්ව  ඉකුත් වර්ෂයේ දී (2021)  රුපියල් බිලියන 2.7ක ප්‍රසාද දීමනා  මණ්ඩලයේ සේවකයින්ට ගෙවා තිබුණි.


එමෙන්ම  2007 නොවැම්බර් මස 14 දින  අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබු තිරණයට සහ අංක BM/2021/22/01 දරන අධ්‍යක්ෂක මණ්ඩල තිරණයට පටහැනිව  සේවකයින් 323 දෙනෙකුට  දීමනා ගෙවීම ඔවුන්ගේ වැටුපෙන්  සියයට 65 ඉක්මවා තිබු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.


කෙසේවුවද  කෙටුම්පත් සාමුහික ගිවිසුම   සේවා යෝජකයින් හා සේවක සංගම් විසින්  අත්සන්කර නොතිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.

No comments

Ads Place