Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බිලියන 10ක් වැය කරන්න අසීරුයි ලු..ආර්ථික අර්බුදය පිට දමා ආණ්ඩුව පුංචි ඡන්දය කල් දමන ලකුණු!

  පළාත් පාලන මැතිවරණය තවදුරටත් කල් දැමීමට ආණ්ඩුව සැලසුම් කර ඇතැයි ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. මැතිවරණය කල් දැමීමට ප්‍රධානම හේත...

 


පළාත් පාලන මැතිවරණය තවදුරටත් කල් දැමීමට ආණ්ඩුව සැලසුම් කර ඇතැයි ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

මැතිවරණය කල් දැමීමට ප්‍රධානම හේතුව වී ඇත්තේ රට මුහුණපා ඇති ආර්ථික අර්බුදය බව ද රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් රුපියල් බිලියන 10ක් වැය වනු ඇති බවටත් එම මුදල් මැතිවරණ දෙපාර්තමේන්තුව වෙත ලබා ගැනීමට ඉදිරියේ දී මහා භාණ්ඩාගාරය වෙත යෝජනා කිරීම සඳහා සූදානම්වන බවත් ලංකාසර කළ විමසුමක දී  මැතිවරණ දෙපාර්තමේන්තුවේ  ප්‍රකාශකයෙක්  පැවසීය.

මේ සම්බන්ධව මුදල් අමාත්‍යාංශයේ හිටපු ප්‍රධානියෙකුගෙන් ලංකාසර කළ විමසීමක දී ඔහු කියා සිටියේ රටේ එදිනෙදා කටයුතු පවත්වාගෙන යන්නේත් දැඩි අසීරුතාවයක බවය.

එවැනි පසුබිමක මැතිවරණයක් වෙනුවෙන් මුදල් වෙන් කිරීම විශාල ගැටලුවක් වනු ඇති බව ද ඔහු සඳහන් කළේය.

රජය අද ප්‍රමුඛ අවධානය යොමු කර ඇත්තේ මැතිවරණයකට නොව, ජනතාව ජීවත් කිරීම සඳහා ඔවුන්ගේ එදිනෙදා කටයුතු පවත්වා ගැනීම වෙනුවෙන් බව එම නිලධාරියා කීවේය.

මුදල් නොමැතිකම කඩදාසි හිඟය, විදුලිබල අර්බුදය, ඉන්ධන ප්‍රශ්නය, දේශපාලකයින්ට නිසි ආරක්ෂාවක් සැපයීම ආදී ප්‍රශ්න රැසක්  මැතිවරණයත් සමග මතුවිය හැකි බව ද ඔහු තවදුරටත් කීවේය.

මේ ප්‍රශ්න එකිනෙක නිරාකරණය කරගනිමින් මැතිවරණය පවැත්වීමට සුදුසු වාතාවරණයක් රට තුළ ගොඩනැගෙන්නේ නම් ඒ සඳහා සියලු පාර්ශවයන් එක්ව කටයුතු කළ යුතු බව ඔහු පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් මැතිවරණයට මුහුණ දීම සඳහා ප්‍රධාන හා සුළු පක්ෂ සූදානම් වෙමින් ඇත.

පළාත් පාලන මැතිවරණය නොපවත්වන්නේ නම් ජනතාව සමග පාරට බසින බවට සමගි ජනබලවේගය මේ වනවිටත් ප්‍රකාශ කර තිබේ.


No comments

Ads Place