Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පිළිකා රෝහලේ දැන් තත්ත්වය.. අත්‍යාවශ්‍ය ඖෂධ 08ක් නැත්තටම නෑ… රෝගීන් සමහරෙක් යන්නෙ හිස් අතින්… වැඩි දෙනෙක් වේගයෙන් මරණයට…

  ශ්‍රියානි විජේසිංහ- මරණයේ ඛේදවාචකය ගැන ආණ්ඩුවේ ඇස් ඇරවන්න රෝගීන් සමග පිළිකා රෝහලේ සමස්ථ කාර්යමණ්ඩලයම එළියට බහින්න සූදානමින්… පිළිකා ඖෂධවල ...



 


ශ්‍රියානි විජේසිංහ-

මරණයේ ඛේදවාචකය ගැන ආණ්ඩුවේ ඇස් ඇරවන්න රෝගීන් සමග පිළිකා රෝහලේ සමස්ථ කාර්යමණ්ඩලයම එළියට බහින්න සූදානමින්…

පිළිකා ඖෂධවල පවතින උග්‍ර හිඟය හේතුවෙන් මේ වන විට පිළිකා රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට නෙැහැකි තත්ත්වයක් උදා වී ඇතැයි මහරගම අපේක්ෂා රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

පිළිකා ඖෂධ 8ක් මේ වන විට නැත්තටම නැතිවී ගොස් ඇති බැවින් පිළිකා රෝගීන්ගේ ජීවිත බේරා ගැනිමට නොහැකි වී ඇතැයි කළ විමසුමකදී රෝහල් ප්‍රකාශකයෙකු සදහන් කළේය.

මේ තත්ත්වය පිළිබඳ රජයේ අවධානය ලබා ගැනීම සඳහා රෝගීන් සමග මුලු කාර්ය මණ්ඩලයම එළියට එන්නට සූදානම් බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසුවේය.

මාස තුනක කාලයක් පුරා ඖෂධ වර්ග 13ක්ම පරිත්‍යාගශීලීන්ගෙන් ලබාගත් නමුත් මේ වන විට ඉන් ඖෂධ වර්ග 8ක් නැත්තමට නැතිව ගොස් ඇතැයි ඔහු පැවසුවේය.

රාජතාන්ත්‍රික මට්ටමින් රජයේ වෛද්‍ය සැපයුම් අංශයට ලැබුණු පරිත්‍යාගයන් අපේක්ෂා රෝහලට ලබා දුන් නමුත් මේ වන විට එම පරිත්‍යාගයන් සහ රෝහලවෙත ලැබෙන පරිත්‍යාගයන් බොහෝ ලෙස අඩුවෙමින් පවතින බැවින් රෝගීන්ට ඖෂධ ලබා දීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි එම ප්‍රකාශකයා පැවසීය.

ප්‍රතිකාර සදහා රෝහලට පැමිණෙන පිළිකා රෝගීන්ගෙන් බහුතරයක් ප්‍රතිකාර නොලබා හිස් අතින් හැරියාමට සිදුව ඇතැයිද මේ අනුව ඔවුන්ගේ ජීවත්වීමේ කාලය පිලිබදව දැඩි අවිනිච්ඡිතභාවයක් ගොඩනැගී ඇතැයි ද ඔහු පැවසුවේ.


-lankasara-

No comments

Ads Place