Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ලෙස පෙනී සිටිමින් රන් බුදු පිළිමයක් සොයා නිවසකට ඇතුළු වූ චීවරධාරියෙක් සහ 06ක් පොලිස් අත්අඩංගුවට…

  අපරාධ පරීක්ෂණ දෙපාතෙමේන්තුවේ  නිලධාරීන් ලෙස පෙනී සිටිමින් රන් බුදු පිළිමයක් සෙවීම සඳහා මාවතගම නිවසකට  අයුතු ලෙස ඇතුළු වූ  බොදුබල සේනා සංවි...

 



අපරාධ පරීක්ෂණ දෙපාතෙමේන්තුවේ  නිලධාරීන් ලෙස පෙනී සිටිමින් රන් බුදු පිළිමයක් සෙවීම සඳහා මාවතගම නිවසකට  අයුතු ලෙස ඇතුළු වූ  බොදුබල සේනා සංවිධානයට සම්බන්ධ ක්‍රියාකාරී භික්ෂුවක් යැයි හඳුන්වාදෙන චීවර ධාරියෙක් ඇතුළු පුද්ගලයින් 06 දෙනෙක් මාවතගම පොලිසිය විසින් ඊයේ (17) අළුයම අත්අඩංගුවට ගෙන තිබේ.

තමන් රැඳී සිටින්නේ 615, නාවල පාර, රාජගිරියේ  සද්ධර්මරාජික විහාරයෙහි බවත් තමන් එහි රැඳී සිටිමින් බොදුබල සේනා සංවිධානය සමග ක්‍රියාකාරීව කටයුතු කරන බවත් කඩිගමුවේ චන්ද්‍රාලංකාර නැමැති 26 හැවිරිදි  මෙම චීවරධාරියා පොලිසියට පවසා තිබේ.  වැඩිදුර විමර්ශනවලදී හෙළි වී ඇත්තේ ඔහු අතුරුගිරියේ පන්සලකද රැඳී සිටින බවය.


මෙම  සැකකාර චීවරධාරියා  ඇතුළු අත්අඩංගුවටගත් අනෙක් සැකකරුවන් එම සංවිධානයේ ක්‍රියාකාරිකයන් බව ඔවුන් පොලිසියට පවසා ඇත.


චීවරධාරියා සමග අත්අඩංගුවට ගෙන ඇත්තේ රදාවාන කිතුලකන්ද පාරේ පදිංචිකරුවෙක් වන සෙහාන් මිලින්ද (25), දංඕවිට වේරගොඩ පදිංචිකරුවෙක් වන මධුරංග අබේවර්ධන (30), අතුරුගිරිය ගල්පොත්ත පාරේ පදිංචිකරුවෙක් වන සිනෙත් නිලන්ත (27), තක්කහින්න, කොට්ටපොල පදිංචිකරුවෙක් වන ජයාන් මධුසංක (18) සහ තඹුත්තේගම , කලුන්දෑවේ පදිංචිකරුවෙක් වන සුගත් රුවන් කුමාර (37) යන පුද්ගලයින්ය.


මෙම සැකකරුවන් අතර අත්අඩංගුවට ගත් චීවරධාරියාගේ  සහෝදරයා ඇතුළු ඥාතීන් කිහිප දෙනෙක් සිටින බව විමර්ශන වලින් අනාවරණය වී තිබේ.


තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බව කියමින්  මාවතගම ,මැද්දේගොඩ ,පිටකන්ද පාරේ නිවසට   ඇතුළු වී ඇත්තේ චීවරධාරියාට හිමි රන් බුදු පිළිමයක් එම නිවසේ සඟවා ඇති බව කියමිනි.


සිතූ පැතූ සම්පත් දෙන මෙම රන් බුදු පිළිමය තමන් සතුව තිබී තමන්ගේ රියදුරු ලෙස කටයුතු කළ දුලාන් නැමැත්තාට ලබා දුන් බවත්,  එම පිළිමය සොයාගෙන ඔහුගේ නිවසට මෙසේ තමන් ඇතුළු කණ්ඩායම කඩා වැදුණු බවත් එම චීවරධාරියා පොලිසියට පවසා තිබේ.


එහෙත්  දුලාන් නැමැති රියදුරාද මෙම පිළිමය ගැන මාස එකහාමරකට පෙර මාවතගම පොලීසියට පැමිණිල්ලක් කර තිබී ඇත.    එහිදී ඔහු පොලීසියට පවසා ඇත්තේ පරම්පරාවෙන් තමාට උරුමවී තිබුණු සොරකම්කර ඇති බවය.


මෙම  පිරිස නිවසට කඩාවදින විට දුල‍ාන් නැමැති රියදුරා නිවසේ සිට නැති අතර  නිවසේ සිට ඇත්තේ මෙම කාන්තාව සහ වයස අවුරුදු 15ක් පමණ   දරුවෙක් පමණක් බවද  පොලීසිය කියයි.


කෙසේ වෙතත් මේ සෝදිසි කිරීම ගැන සැක සිතූ නිවෙස් හිමි කාන්තාව මෙම පුද්ගලයින්   බඩුමුට්ටු පෙරළන අතර 119 පොලිස් හදිසි ඇමතුම් අංශය අමතා සිද්ධිය පවසා තිබේ.


එම ඇමතුමට අනුව මාවතගම පොලීසිය එහි පැමිණ විමර්ශන පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.


පොලිිසිය එන විට පුද්ගලයෙක් පලා ගිය බවත්,  ලක්ෂ හයක් පමණ වටිනා   රන් මාලයක් හා මුදු දෙකක් නිවසේ තිබී නැතිවී ඇති බවත්, එම රන් භාණ්ඩ මෙම පුද්ගලයා විසින් රැගෙන යන්නට ඇති බවත් නිවෙස් හිමි කාන්තාව පොලිසියට පවසා ඇත.


මෙම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

No comments

Ads Place