Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

එන ජන්දෙන් අපි දිනනවා - ටිල්වින් කියයි

බහුතර ජනතාවකගේ විශ්වාසයෙන් ජාතික ජන බලවේගය ඉදිරියේ දී ආණ්ඩුවක් පිහිටුවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් ක...

බහුතර ජනතාවකගේ විශ්වාසයෙන් ජාතික ජන බලවේගය ඉදිරියේ දී ආණ්ඩුවක් පිහිටුවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගය කොස්ගොඩ කොට්ඨාස සභාව පිහිටුවීමට සඳහා පැවති ජන හමුවක් අමතමිනි.

මෙතෙක් ජනතාව විශ්වාස කළ දේශපාලන පක්ෂ පැත්තක දමා අද ජාතික ජන බලවේගය වටා එක්වෙමින් සිටින බව ද පැවසූ ඔහු ජනතාව විශ්වාස කරන එකම දේශපාලන බලවේගය ජාතික ජන බලවේගය බවද පැවසීය. එනිසා ජනතාවගේ සහාය මත ඊළඟ මැතිවරණයේදී ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බවත් ඒ මහතා තවදුරටත් කියා සිටියේය.

අද වන විට රජයේ සේවකයන්ට පඩි ගෙවා ගන්න පවා රජයට මුදල් නැති බවත් පැවසූ ඔහු ඒ හේතුවෙන් රජයේ සේවකයන් වයස 55 න් විශ්‍රාම ගැන්වීමට උත්සාහ දන්න සිටින බවද පැවසීය.

 

No comments

Ads Place