Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ප්‍රියමාලිට සහය දැක්වූ සිරිසුමන හිමි රක්ශිත බන්ධනාගාරයට

රහස් පොලීසිය විසින් ඊයේ දිනයේ අත්අඩංගුවට ගන්නා ලද බොරැල්ලේ සිරිසුමන හිමියන් එළඹෙන 16 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. කොළඹ කොටුව ම...

රහස් පොලීසිය විසින් ඊයේ දිනයේ අත්අඩංගුවට ගන්නා ලද බොරැල්ලේ සිරිසුමන හිමියන් එළඹෙන 16 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය නිකුත් කර ඇත.
රුපියල් බිලියන ගණනක මුදල් වංචා මත දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප‍්‍රියමාලිට සහයෝගය ලබා දුන්නේ යැයි එල්ල වූ චෝදනා මත මෙම අත්අඩංගුවට ගැනීම කර තිබේ.
සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන මෙතෙක් අවසන් නොවීම හේතුවෙන් ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි කරන ලද ඉල්ලීම මත අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.
තමන් වහන්සේ රහත් ඵලය ලබා ගෙන ඇතැයි පවසන සිරිසුමන හිමියන් රක්ෂිත බන්ධනාගාර ගත කළ ද උන්වහන්සේ ඍද්ධි බලයෙන් එතනින් අතුරුදන් වේදැයි අධිකරණයේ නීතීඥවරුන් අතර යම් සාකච්ඡාවක් ඇතිව තිබේ.

 

No comments

Ads Place