Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඩලස් පිළ දෙකඩයි

ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුතු කණ්ඩායම මතවාදී වශයෙන...

ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුතු කණ්ඩායම මතවාදී වශයෙන් දෙකට බෙදී ඇති බව වාර්තා වෙයි.
ඉදිරි මැතිවරණ වලදී තම කණ්ඩායම සන්ධානගත වන වන්නේ කවර කණ්ඩායමක් සමගද යන සාකච්ඡාව මතයි.
එක් මන්ත්‍රී පිරිසක් පවසා ඇත්තේ ඉදිරි මැතිවරණයකදී සමගි ජන බලවේගය සමග සන්ධාන ගත යුතු විය යුතු බවයි.
තවත් පිරිසක් සඳහන් කර ඇත්තේ සන්ධාන ගත යුතු වන්නේ විමල් වීරවංශ මහතාගේ සභාපතිත්වයෙන් උත්තර ලංකා සභාගය ඇතුළු පාර්ශ්වයන් සමඟ බවයි.
මෙම තත්ත්වය මත එම කණ්ඩායම ඉදිරියේදී සන්ධානගත වීම සිදු කරන්නේ කවර පාර්ශවයක යන්න ද ගැන තීරණයක් ගැනීමට පමා වෙමින් පවතී.

 

No comments

Ads Place