Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඩයනා විදේශිකයෙකු බව සනාථයි .සජබෙ අමාරුවේ??

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිප...

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

මෙම පෙත්සම ගොනු කර ඇත්තේ සමාජ ක්‍රියාකාරිකයකු ඕෂල හේරත් මහතා විසිනි.

පෙත්සම්කරු තම පෙත්සමෙන් ක්‍රියා සිටින්නේ ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසියකු බැවින් මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට සුදුසුකම් නැති තැනැත්තියක් බවයි.

මේ අතර ආගමන විගමන දෙපාර්තමේන්තු විසින් අද අධිකරණයට දන්වා ඇත්තේ ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසියකු බවත් ඇයගේ ශ්‍රී ලංකා වීසා බලපත්‍රය 2014 වසරේදී අවසන් වී ඇති බවත් ය.

සිය දෙපාර්තමේන්තුවේ ලේඛන අනුව ‘නයනා සමන්මලී’ හෙවත් ඩයනා ‘නටාෂා කැකනදුර’ හෙවත් ඩයනා ගමගේ ලෙස බි‍්‍රතාන්‍ය පුරවැසිභාවය ඇයට හිමිව බවද වාර්තා කර ඇත.

ඇය 2014 වසරේදී ව්‍යාජ උප්පැන්න සහතිකයක් සහ ජාතික හැඳුනුම් පතක් භාවිතා කර ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇති බවද දෙපාර්තමේන්තුව අධිකරණයට පවසා සිටියේය.

ඒ අනුව ඇය ද්විත්ව පුරවැසියන් නොව බ්‍රිතාන්‍ය පුරවැසිභාවය සහිත ශ්‍රී ලංකා නීති විරෝධී විදේශ ගමන් බලපත්‍රයක් හිමි අයෙක් බවත් අධිකරණයට වාර්තා කර ඇත.

ඇති වී තිබෙන තත්ත්වය මත ඩයනා ගමගේ මහත්මිය ලේකම් ධූරය දරන ලද සමගි ජන බලවේගය පක්ෂයේ ද නීත්‍යානුකූල භාවය සම්බන්ධයෙන් බරපතළ ගැටලු සහගත තත්ත්වයක් මතුවී තිබේ.

 

No comments

Ads Place