Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හෙට අරගලයට අපි නෑ.කවුරු කරනවද දන්නෙත් නෑ - ලාල්කාන්ත

හෙට (02දා) පැවැත්වෙනවා යැයි කියන පා ගමන කුමන අදහසකින් කාගේ වුවමනාවට කරන ලද්දක්දැයි කිසිදු අදහසක් නොමැති බවත් ඊට ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගය...

හෙට (02දා) පැවැත්වෙනවා යැයි කියන පා ගමන කුමන අදහසකින් කාගේ වුවමනාවට කරන ලද්දක්දැයි කිසිදු අදහසක් නොමැති බවත් ඊට ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගයේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත පැවැසීය.
ඔහු පැවැසුවේ ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය රටපුරා ජනතාව අමතමින් රට දිනවීමට සාර්ථක වැඩපිළිවෙළක් සිදු කරගෙන යන බවත් ජනතාව සමඟ එක්ව මර්දනය පරාජය කිරීමට කටයුතු කරන බවත්ය.
“රටේ විවිධ උද්ඝෝෂණ තිබෙනවා. බඩගිනි උද්ඝෝෂණ තියෙනවා. බඩු මිල වැඩිවීමට එරෙහි උද්ඝෝෂණ තියෙනවා. එක එක උද්ඝෝෂණ තියෙනවා. හෙටත් උද්ඝෝෂණයක් තියෙනවා කියනවා. ඔය කියන උද්ඝෝෂණ ගැන අපිට අදහසක් නෑ. මොකට කවුරු විසින් කරනවද කියලා අදහසක් නෑ. අපේ ඊට කිසිම සම්බන්ධයකුත් නෑ.
අපි රටපුරා ජනතාව සාර්ථකව සම්බන්ධ කරගෙන උද්ඝෝෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. මර්දනය පරාජය කිරීමට අප ජනතාව සමඟ කටයුතු කරනවා. විශේෂයෙන්ම මර්දනය නවත්තන්න කියා අපි පාලකයන්ගෙන් ඉල්ලන්න යන්නෙ නෑ. පාලකයෝ ඒක කරන්නෙත් නෑ. ඒ නිසා අපි ජනතාව එක්ක එකතු වෙලා රට දිනවන්න කටයුතු කරනවා” යැයිද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

 

No comments

Ads Place