Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇති තරම් සල්ලි අච්චු ගහලා තියෙන්නේ- මහ බැංකු අධිපති

පසුගිය කාලයේ දී ඇති තරම් මුදල් අච්චු ගසා ඇති බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි. එලෙස මුදල් අච්චු ගැසීම හා දිගින් දිගටම පො...

පසුගිය කාලයේ දී ඇති තරම් මුදල් අච්චු ගසා ඇති බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.
එලෙස මුදල් අච්චු ගැසීම හා දිගින් දිගටම පොළී අනුපාත අඩු මට්ටමක පවත්වා ගැනීම නිසා වර්තමානයේ පවත්නා ඉහළ උද්ධමන මට්ටමට හේතු වී ඇති බවද හෙතෙම පැවසීය.
ඒ මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති මුදල් ප්‍රතිපත්ති විවරණය මාධ්‍ය හමුවේදීය.
රජය ගැන සිතා කටයුතු නොකර රට ගැන සිතා රටේ මූල්‍ය ප්‍රතිපත්තිය අනුව කටයුතු කළ යුතු බවද මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේය.
රටේ මූල්‍ය ප්‍රතිපත්තිය අනුව පොලී අනුපාත සකස් කළ යුතු බවද ඒ සඳහා මහ බැංකුව ස්වාධීන ආයතනයක් ලෙස කටයුතු කළ යුතු බවත් මහබැංකු අධිපති පැවසීය.
පොලී අනුපාත අඩු කළහොත් මෙරට උද්ධමනය සියයට 100කින් වැඩි විය හැකි බවද පැවසූ ඔහු පොලී අනුපාත පහළ දැමුවොත් වියදම් දෙගුණ විය හැකි වුවද තවදුරටත් පෙන්වා දුන්නේය

 

No comments

Ads Place