Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනතාව රට හදන්න ජනපතිට බාර දීලා ඉවරයි- සමන් රත්නප්‍රිය

ජනාධිපතිවරයාට රට ගොඩනැගීමට ජනතාව ඉඩ ලබාදී ඇති බවත් එනිසා ජනතාව පාරට බස්සවන්න උත්සාහ කරන පුද්ගලයන් සමග ජනතාව පාරට නොබසින බව ජනාධිපති වෘත්තීය ...

ජනාධිපතිවරයාට රට ගොඩනැගීමට ජනතාව ඉඩ ලබාදී ඇති බවත් එනිසා ජනතාව පාරට බස්සවන්න උත්සාහ කරන පුද්ගලයන් සමග ජනතාව පාරට නොබසින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකල ආර්ථික ව්‍යසනයක් නැති බවත් ඔහු හැමදාම සිදු කළේ රටේ ආර්ථිකය ගොඩගැනීම බවත් හෙතෙම පැවසීය.
ඒ හැම අවස්ථාවකදීම ජනතාව වෙනත් අයට රට බාර දී හරි ගැස්සුව ආර්ථිකය විනාශ කරගත් බවට ඔහු පැවසීය.
රට ගිනි ගන්නා මොහොතක මර්ධනකාරී ව්‍යාපාරයන්ට එකඟ විය නොහැකි බවද පවසන ඔහු අරගල කරන විට එයට සහය දෙනවා සේම දේශපාලන වෙනසක් වූ විට එයට ඉඩ දිය යුතු බවත් කියා සිටියේය.
කොළඹදී මාධ්‍ය අමතමින් හෙතෙම අදහස් පළ කරන ලදී.

 

No comments

Ads Place