Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉංජිනේරු සංස්ථාව ඈවරයි?

මාස එකහමාරකින් ගෙවා නැති සේවක වැටුප ලබා ගැනීමට, වසර දෙකක EPF/ETF මුදල් තැන්පත් කරවීමට මෙන්ම රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඈවර කිරීම වැළැක්වීමට ඉංජ...

මාස එකහමාරකින් ගෙවා නැති සේවක වැටුප ලබා ගැනීමට, වසර දෙකක EPF/ETF මුදල් තැන්පත් කරවීමට මෙන්ම රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඈවර කිරීම වැළැක්වීමට ඉංජිනේරු සංස්ථාව සුරැකීමේ සේවක එකමුතුවට ශක්තියක් වෙමින් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් ගත හැකි සියලූ ක‍්‍රියාමාර්ග ගන්නා බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර මහතා අවධාරණය කළේය.

ඉංජිනේරු සංස්ථාව සුරැකීමේ සේවක එකමුතුව සමග අද පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති සාකච්ඡුාව අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ අවධාරණය කළේය.
ජයන්ත සමරවීර මහතා එහිදී වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

”ශ‍්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත‍්‍රය තුළ රාජ්‍ය මැදිහත්වීම තහවුරු කළ කීර්තිමත් ආයතනයක් වන ශ‍්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව අද වන විට බලවත් ලෙස කඩාවැටීමකට ලක්ව තිබෙන බව පෙනෙන්නට තිබෙනවා. මේ කිර්තිමත් ආයතනය ඈවර කිරීමට ආණ්ඩුව පිඹුරුපත් සකස් කරනවාදැයි අප තුළ සැකයක් මතු වෙනවා. එහි අනිටු ප‍්‍රතිඵල අද මේ ආයතනයේ ඉංජිනේරුවන් පුමුඛ 2300කට ආසන්න සමස්ත සේවක ප‍්‍රජාවම අත් විදිමින් පවතිනවා.

ඔවුන්ට මාස එකහමාරකට අදාළ වැටුප් තවමත් ගෙවීමට පාලනාධිකාරිය අපොහොසත්ව පවතිනවා. ඒ වගේම මෙම සේවක ප‍්‍රජාවගේ අර්ථසාධක අරමුදල් වසර දෙකක කාලයක් තිස්සේ තැන්පත් කරලා නැහැ. මේ පිළිබඳව ඉංජිනේරු සංස්ථාවේ සේවක එකමුතුව කිහිප අවස්ථාවකම ආයතනයේ පාලනාධිකාරිය හා විෂය භාර අමාත්‍යාංශය දැනුවත් කිරීමට කටයුතු කර තිබුණ ද අදාළ බලධාරීන් මුනිවත රකිමින් කල් මරමින් සිටින බව තහවුරු වෙනවා. මේ අතරතුර ඉංජිනේරු සංස්ථාව විකුණා දැමීමට රනිල් රාජපක්ෂ ආණ්ඩුව පිඹුරුපත් සකසමින් සිටින බවට සේවක සංගම් තුළ බලවත් සැකයක් පවතිනවා. තවද ඉංජිනේරු සංස්ථාව සතු සම්පත් විකුණා දමා සේවකයින් වෙත ස්වේච්ඡුා වන්දි ක‍්‍රමයක් ලබා දීමේ වෑයමක ද ආයතනයේ පාලනාධිකාරිය සිටින බවට සේවක සංගම් පවසනවා.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මූලික කරගත් 25,000කට අධික ඍජු හා වක‍්‍ර ප‍්‍රතිලාභීන්ගේ ජීවත්වීමේ මාර්ගය මේ හේතුවෙන් දැඩි අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබෙනවා. මේ සේවකයින් වෘත්තිකයන්, තාක්ෂණ නිලධාරීන් මෙන්ම විවිධ ශිල්පීන්ගෙන් සමන්විත වූ ගෞරවනීය පුරවැසියන් පිරිසක්. පවතින මූල්‍ය අර්බුදයට පිළියම් ඔවුන් විසින් බලධාරීන්ට මේ වන විටත් ලබා දී තිබෙනවා. නමුත් ඒ සඳහා ඔවුන්ගේ යහපත් ප‍්‍රතිචාරයක් සේවක සංගම් වෙත ලබා දි නැහැ. රාජ්‍ය අංශයේ ආයතන තුළ නඩත්තු කටයුතු සිදු කිරීමට අවස්ථාව ලබා ගැනීම එක් පිළියමක්. දුම්රිය දෙපාර්තමේන්තුවට අවශ්‍ය සිල්පර කොටන් නිපදවීමේ හැකියාව ද ඉංජිනේරු සංස්ථාව සතුව පවතිනවා. එම කාර්යය සිදු කිරීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 40ක පමණ ප‍්‍රාග්ධනය ලබාදීමට භාණ්ඩාගාරය විසින් කටයුතු කරන්නේ නම් මසකට රුපියල් මිලියන 50ක පමණ ආදායමක් ලැබීමට හැකි බවත් පෙනී යනවා. මෙලෙස විකල්ප යෝජනා තිබියදීත් පාලනාධිකාරිය හා විෂය භාර අමාත්‍යාංශය කල් මරමර සිටිනවා.

එබැවින් ජාතික නිදහස් පෙරමුණ ලෙස අප ආණ්ඩුවට හා පවතින පාලනාධිකාරියට බලකර සිටින්නේ. මේ සේවකයින්ට ජීවත් වෙන්න පළමුව නිසිකල වැටුප් ගෙවීම යථා පරිදි සිදු කරන ලෙසයි. දෙවනුව ඔවුන්ට හිමි EPF ETF මුදල් හිග මුදල් ද සමග තැන්පත් කරන ලෙසයි. තෙවනුව ඉංජිනේරු සංස්ථාව ඈවර කිරීමේ පටු දේශපාලන අරමුණ ඉවත දමන ලෙසයි. අප පක්ෂයක් ලෙස පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් මෙම සේවක ප‍්‍රජාවගේ රැකියා අයිතීන් වෙනුවෙන් පෙනී සිටිමට කටයුතු කරනවා.ඉංජිනේරු සංස්ථාව ඈවර කිරීමේ පටු දේශපාලන අරමුණට එරෙහිව සටන් වදිනවා ”

මෙම අවස්ථාවට රාජ්‍ය ඉංජිනේරු සංස්ථා ඉංජිනේරු සංගමය, ඉංජිනේරු සංස්ථා ජාතික නිදහස් සේවක සංගමය, ශ‍්‍රී ලංකා නිදහස් සේවක සංගමය, සමගි සේවක සංගමය, ඒකාබද්ධ ඉංජිනේරු සංස්ථා සේවක සංගමය, සංස්ථා හා පොදු සේවක සංගමය, පරිපාලන නිලධාරීන්ගේ සේවක සංගමය යන සේවක සංගම් නියෝජනය කරමින් වෘත්තීය සමිති නියෝජිතයෝ රැුසක් සහභාගි වූහ

 

No comments

Ads Place