Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කජිමාවත්ත නිතර ගිණි ගැනීම ගැන වාර්තාව බාර දෙයි

මෝදර කජීමාවත්ත නිවාස ආශ්‍රීත නිරන්තර ගිනිගැනිම් සිදුවීමට හේතුව සොයා බැලීමට පත්කළ අග්‍රාමාත්‍ය කමිටුවේ නිරීක්ෂණ හා නිර්දේශ ඇතුළත් වාර්තාව කොළ...

මෝදර කජීමාවත්ත නිවාස ආශ්‍රීත නිරන්තර ගිනිගැනිම් සිදුවීමට හේතුව සොයා බැලීමට පත්කළ අග්‍රාමාත්‍ය කමිටුවේ නිරීක්ෂණ හා නිර්දේශ ඇතුළත් වාර්තාව කොළඹ, අග්‍රාමාත්‍ය කාර්යාලයේදී (10) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට භාර දුන්නේය.

කමිටුවේ සම සභාපතිවරුන් වන කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උදුගොඩ මහතා සහ කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදිප් යසරත්න මහතා මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෝදර කජිමාවත්ත වතු නිවාස ආශ්‍රිතව අවුරුදු එකහමාරක් වැනි කෙටි කාලයක් තුළ ගිනි ගැනීම් තුනක් සිදුවූ අතර පවුල් විශාල ප්‍රමාණයක් අවතැන් විය.

කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී මේ සම්බන්ධයෙන් අවධානය යොමුකළ අග්‍රාමාත්‍යවරයා එම නිවාස ආශ්‍රිත ගිනි ගැනීම් වලට හේතුව සහ එහි පදිංචිකරුවන් පිළිබඳව සොයා බැලීම සඳහා මෙම කමිටුව පත්කළේය.

එම කමිටුවේ සභාපතිවරු ලෙස කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකාරක කමිටුවේ සම සභාපති මේජර් ප්‍රදීප් උදුගොඩ මහතා හා කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදිප් යසරත්න මහතා කටයුතු කළ අතර කොළඹ නාගරික කොමසාරිස්වරිය, රජයේ රස පරීක්ෂකවරයා, පොලිස් ස්ථානාධිපතිවරුන්, කොළඹ ප්‍රාදේශීය ලේකම්වරයා, ග්‍රාම නිලධාරීවරයා සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය , නාගරික සංවර්ධන අධිකාරිය, නිවාස සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන නිලධාරීන් හා අදාල සියලු පාර්ශ්වයන් එම කමිටුවේ සාමාජිකයන් ලෙස පත්කර තිබිණි.

ඉකුත් සතියේ රැස්වූ කමිටුව නිවාස පේලේ අයිතිය, පරිහරණය, පදිංචිකරුවන් එහි පැමිණි ආකාරය, මේ සඳහා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සහ පහුගිය කාලයේ ගිනිගැනීම්වලට හේතු සම්බන්ධයෙන් විමර්ශනය කෙරුණු අතර ඒ අනුව සකස් කෙරුණු නිරීක්ෂණ හා නිර්දේශ ඇතුළත් අවසන් වාර්තාව මෙලෙස අග්‍රාමාත්‍යවරයාට භාරදුන්නේය.

 

No comments

Ads Place