Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඕමල්පේ සෝභිත හිමිගේ නමත් ප්‍රියමාලිට ගෑවේ

  මුදල් වංචාවක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තිළිණි ප‍්‍රියමාලි නම් කාන්තාවට තමන් වහන්සේ මුදල් දුන් බවට පලවන වාර්තා ප්‍රතික්...

 

මුදල් වංචාවක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තිළිණි ප‍්‍රියමාලි නම් කාන්තාවට තමන් වහන්සේ මුදල් දුන් බවට පලවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ සඳහන් කරති.

නමුත් ඕමල්පේ සෝභිත නම් වෙනත් කෙනෙක් ඇයට මුදල් ලබා දුන්නේදැයි තමන් වහන්සේ නොදන්නා බවද උන්වහන්සේ පැවසූහ.

කෙසේ වෙතත් එම කාන්තාවට කෝටි ගණන් මුදල් ආයෝජනය කළ පුද්ගලයන් කවුරුන්දැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙළි කළ යුතුව ඇති බව ද උන්වහන්සේ කියා සිටියහ.

තිළිනි ප‍්‍රියමාලිගේ ව්‍යාපාරවල ඕමල්පේ සෝභිත හිමියන්ද මුදල් ආයෝජනය කළේ යැයි පලවන වාර්තා සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකට උන්වහන්සේ මෙම අදහස් පල කරන ලදී.

No comments

Ads Place