Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනපති හා රාජපක්ශලා වැල් පාලමෙන් ගොඩ උනා - සජිත්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පැමිණි දිනවල රටටත් සහ ජනතාවටත් වැල් පාලමකින් එතෙර විය යුතු බව කිව්වද අද වන විට එම පාලමෙන් එතෙර වී ඇත්තේ...

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පැමිණි දිනවල රටටත් සහ ජනතාවටත් වැල් පාලමකින් එතෙර විය යුතු බව කිව්වද අද වන විට එම පාලමෙන් එතෙර වී ඇත්තේ රාජපක්ෂලා සහ ඔවුන්ගේ මිතුරන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
ලක්‍ෂ 220ක් වූ මේ රටේ සමස්ථ ජනතාව වැල්පාලමෙන් හෙලට තල්ලු කර දමා ඇතැයි ද හෙතෙම පැවසීය.
ජනාධිපතිවරයා අද වන විට කොමඩියක් බවට පත්ව ඇති බවත් ආණ්ඩුව මගඩියක් වී ඇති බවත් කී සජිත් ප්‍රේමදාස මහතා ජනතාවට එරෙහි වන අයට සිදුව ඇත්තේ නරක ප්‍රතිවිපාක බව ඉතිහාසයෙන් බලා ගත හැකි බවද කියා සිටියේය.ඒ මහතා මේ බව කියා සිටියේ බුත්තල දී පැවති සමගි ජන බලවේගයේ ආසන බල මණ්ඩල රැස්වීමක් අමතමිනි.
රට ගොඩනැගීමට නම් නව ජනවරමක් අවශ්‍ය යයිද පැවසූ ඔහු හැකිනම් කඩිනම් මැතිවරණයක් තබන ලෙස ද ඉල්ලා සිටියේ

 

No comments

Ads Place