Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මුදල් නෑ..ඉන්ධන ඇණවුම් කිරීම තුන් ගුණයකින් අඩු වේ

ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් අත්පිට මුදලට ඉන්ධන මිලදී ගන්නා ලෙස සියලුම ඉන්ධන පිරවුම්හල්වලට නියෝග කළ දිනයේ පටන් මේ දක්වා පිරවුම්හල් ඉන්ධන ඇණවුම්...

ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් අත්පිට මුදලට ඉන්ධන මිලදී ගන්නා ලෙස සියලුම ඉන්ධන පිරවුම්හල්වලට නියෝග කළ දිනයේ පටන් මේ දක්වා පිරවුම්හල් ඉන්ධන ඇණවුම් කිරීම තුන් ගුණයකින් අඩුවී ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය කියා සිටී. චෙක්පත් මාර්ගයෙන් ඉන්ධන ඇණවුම්වල මුදල් ගෙවීමේ පහසුකම සලසා තිබූ කාලයේ එක් ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන තොග 60ක් පමණ මාසයකට ඇණවුම් කළද එම ක්‍රමය අහෝසි කරමින් මුදලට ඉන්ධන සඳහා ගෙවීමේ ක්‍රමය හඳුන්වා දුන් පසු මාසයක කාලයක් සඳහා ඉන්ධන ඇණවුම් කිරීම තොග 20ක් දක්වා සීමා වූ බව එම සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න පැවැසුවේය.

කිසිදු ඉන්ධන පිරවුම්හල් හිමියකුට එකවර ඩීසල් සහ පෙට්‍රල් තොග දෙකක් අත්පිට මුදලට ඇණවුම් කිරීමට හැකියාවක් නොමැති බැවින් මේ දිනවල සියලුම පිරවුම්හල් ඇණවුම් කරන්නේ ඩීසල් හෝ පෙට්‍රල් යන දෙවර්ගයෙන් එක් තොගයක් පමණක් බව බෙදුම්කරුවෝ කියති. ලීටර් හයදහස් හයසිය බැගින් වන ඩීසල් සහ පෙට්‍රල් තොග දෙකක් සඳහා රුපියල් ලක්ෂ 60ක මුදලක් වැය වේ. ඒ අනුව එක් ඉන්ධන පිරවුම්හලකට මාසයකට ඉන්ධන තොග මිලදී ගැනීමට නම් රුපියල් එක්කෝටි අසුලක්ෂයක් වැය කළ යුතු වේ.

මෙය දැරිය නොහැකි මුදලක් බැවින් හැකි ඉක්මනින් නැවතත් පෙර තිබූ චෙක්පත් මාර්ගයෙන් ඉන්ධන සඳහා ගෙවීමේ වැඩපිළිවෙළ සකස් කර දෙන ලෙස මෙරට සිටින ඉන්ධන බෙදුම්කරුවන් 1250ම බලශක්ති ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින බව කපිල නාඔටුන්න පැවැසුවේය. සීමිත ලෙස ඉන්ධන ඇණවුම් කිරීම මත එක පිරවුම්හලකට ලැබෙන තොග පැය කිහිපයක් යන්නට පෙර අවසන් වන බැවින් නැවතත් ඉන්ධන ලැබෙන තුරු ඒ අසල පෝලිම් වැඩි වශයෙන් නිර්මාණය වේ.

මේ අතර ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ කියා සිටියේ පිරවුම්හල් 400ක් තෙල් නොමැතිව වසා දමා නොමැති බවත් එක් දිනකට පිරවුම්හල් 300ත් 400ත් අතර ප්‍රමාණයක් පමණක් තාවකාලිකව තෙල් තොග නැවත පැමිණෙන තුරු වසා ඇති බවත්ය

 

No comments

Ads Place