Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ත්‍රස්ත සැකකරුවන්ගේ නෑයන් ආණ්ඩුකාර කාර්‍යාලය ඉදිරිපිට විරෝධතා

කොළඹ මැගසින් බන්ධනාගාරයේ දැනට උපවසායේ නිරතව සිටින දේශපාලන සිරකරුවන්ට නීත්‍යානූකුල පියවර ගන්නා ලෙසට ඉල්ලා එම සිරකරුවන්ගේ ඥාතීන් පිරිසක් විසින...

කොළඹ මැගසින් බන්ධනාගාරයේ දැනට උපවසායේ නිරතව සිටින දේශපාලන සිරකරුවන්ට නීත්‍යානූකුල පියවර ගන්නා ලෙසට ඉල්ලා එම සිරකරුවන්ගේ ඥාතීන් පිරිසක් විසින් විරෝධතාවයක නිරත වූහ.
2017 වසරේදී ත්‍රස්වාදය වැලක්වීමේ පනත යටතේ 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන කිසිදු නඩු විභාගයකින් තොරව මැගසින් බන්ධනාගාරයේ රඳවා තිබීම දැඩි අසාධාරණයක් බව පෙන්වා දෙමින් දේශපාලන සිරකරුවන්ගේ ඥාතීන් විසින් මෙම විරෝධතාවය සංවිධානය කොට තිබුණි.
අදාල පිරිස් වෙනුවෙන් නීත්‍යානුකූලව පියවර නොගන්නේ නම් වහාම නිදහස් කිරීමට රජය පියවර ගත යුතු බවටත් එසේ නොමැතිනම් නඩුගොනුකර නීතිය ක්‍රියාත්මක කරයුතු බවටද විරෝධතාකරුවන් පෙන්වා දුන්හ.
එමෙන්ම මේ වන විට උතුරු පලාතේ දේශපාලන සිරකරුවන් විශාල ප්‍රමාණයක් බන්ධනාගාර කිහිපයකම නඩුවිභාගයකින් තොරව රඳවා තිබීම මගින් එම සිරකරුවන්ගේ පවුල් ගැටලු රැකින් පීඩාවන්ට පත්ව ඇති හෙයින් සියලු දේශපාලන සිරකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කිරීමට වත්මන් රජය වහා පියවර ගත යුතු බවටද විරෝධතාකරුවන් වැඩිදුරටත් පැවසූහ.

 

No comments

Ads Place