Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පළාත් පාලන ජන්දය කල් දමන්න අමුතු ගැටයක්

පලාත් පාලන ආයතන 44 ක් වෙනුවට 22 ක් පවත්වාගෙන යැම සදහා මුදල් අමාත්‍යාවරයා විසින් පාර්ලිමේන්තුට ඉදිරිපත් කර ඇති යෝජනාව මගින් සිදු කරන්නට යන්නේ...

පලාත් පාලන ආයතන 44 ක් වෙනුවට 22 ක් පවත්වාගෙන යැම සදහා මුදල් අමාත්‍යාවරයා විසින් පාර්ලිමේන්තුට ඉදිරිපත් කර ඇති යෝජනාව මගින් සිදු කරන්නට යන්නේ සිිමා නිර්ණය කිරිමෙිි යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පලාත් පාලන මැතිවරණය අඩුම තරමින් වසරක පමණ කාලයක් වත් කල් දැමිම සදහා ගන්නා හදන කුුට පියවරක් බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවැසිය.

බලන්ගොඩ ප්‍රදේශයේදි පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙි බව කිය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ගාමිණී වලේබොඩ මහතා මෙසේද කිය.

‘පලාත් පාලන ආයතන නඩත්තු කර ගෙන යැම සදහා නොහැකි තත්ත්වයක් මතුව ඇති බව පවසමින් පලාත් පාලන ආයතන හතලිස් හතරක් වෙනුවට විසි දෙකක් ඒකාබද්ධ කර පවත්වාගෙන යැම සදහා පාර්ලිමේන්තුට යෝජනා කරල තිබෙනවා.

රත්නපුර දිස්ත්‍රික්කයේ බලන්ගොඩ ප්‍රාදේශීය සභාව සහ බලන්ගොඩ නගර සභාව ඒකාබද්ධ කර එක පලාත් පාලන ආයතනයක් ලෙස පවත්වාගෙන යන ජෝජනාවක් එම යෝජනාවට ඇතුලත් කර තිබෙනවා.

මෙතෙන තිබෙන ප්‍රශ්නය නඩත්තු කර ගෙන යැමෙිි ගැටලුවක් ලෙස අපි දකින්නේ නැහැ.

මෙිික පලාත් පාලන මැතිවරණය කල් දමන්න හදන වැඩ පිලිවෙලක් කියන එක කියන්න ඔිනි.පලාත් පාලන පනත සංශෝධන පනතක් පාර්ලිමේන්තුව ගේන්න හදනවා.

ඒ වගේම නැවත සිිමා නිර්ණය කිරිමෙිි යෝජනාවක් අරන් ඇවිත් එය සමිමත කරන්නේ නැතිව කල් තබන්න හදනවා. මොකද තාම බහුතර බලය තිබෙන්නේ පොහොටිටුවට නිසා. ඒකේ පලමු පියවර තමයි මෙිි පලාත් පාලන ආයතන ඒකාබද්ධ කිරිමට ගෙනත් තිබෙන යෝජනාව. මෙි හදන්නේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කිරිමක්’ යැයි ඒ මහතා වැඩිදුරටත් කිය.

 

No comments

Ads Place