Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රට බේරාගන්න අරගල නායිකා දමිතා දේශපාලනයට

රට තුළ පවතින තත්වය මත තමන් දේශපාලනයට පිවිසීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සූදානම් බව රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය සඳහන් කරයි. තමන් කිසි...

රට තුළ පවතින තත්වය මත තමන් දේශපාලනයට පිවිසීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සූදානම් බව රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය සඳහන් කරයි.

තමන් කිසිදිනෙක දේශපාලනයට පිවිසීමට සිතුවිල්ලක් හෝ නොතිබූ නමුත් තමන්ට වූ අසාධාරණය හේතුවෙන් තීන්දුවක් ගැනීමට සිදුවන බවද ඇය කියා සිටියාය.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇය මේ බව සඳහන් කරන ලදී.

“දේශපාලනයට එන්න කවදාවත් සිතුවිල්ලක් තිබුණේ නෑ. මට මේ වෙච්ච අසාධාරණය. මේ රටේ මට දැනෙනවා ස්වාධීන මනුස්සයෙක් විදියට නැගිටින්න නැගිටින්න ඔළුවට ගහන රටක්. සත්‍ය වෙනුවෙන් පෙනී හිටින්න බැරි සත්‍ය කතා කරන තැන්වලදී අපිට ඔලුවට ගහලා පාගලා කුඩුපට්ටම් කරන්න හදන රටක්, එතකොට පාට පක්ෂ එක්ක හිටගත්ත බොහෝ දෙනෙක්ව රැකෙනවා.

මම කියන්නේ නෑ ඒක හරියි කියලා, හැබැයි හෙට දවසේ දේශපාලනයට එනවද නැද්ද කියලා මටත් තීන්දුවක් ගන්න වේවී මේ යන විදියට, ඒ තීන්දුව ගන්න වුණොත් මම හිටගන්නේ කොහේද කියලා මම තීන්දුවක් ගනීවී, හරිම සාධාරණම තැනක හිටගන්න, සමහරවිට මම තවම තීන්දුවක් අරගෙන නෑ. හෙට දවසේ මම එහෙම තීන්දුවක් ගනීවී, මේ යන විදියට.”

 

No comments

Ads Place