Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පිටි හිගයෙන් වතු කම්කරුවන් අනාථයි

වතුකරය තුල මේ වන විට පවතින තිරිගු පිටි හිගය හේතුවෙන් වතු කම්කරු ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන වතු කම්කර...

වතුකරය තුල මේ වන විට පවතින තිරිගු පිටි හිගය හේතුවෙන් වතු කම්කරු ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන වතු කම්කරුවන් පිරිසක් පවසනුයේ මේවන විට වතු කරය තුල තිරිගු පිටි හිගයක් පවතින බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.

වතු කරයේ ජිවත්වන තමන්ගේ ප්‍රධාන ආහාරය බවට පත්ව ඇත්තේ තිරිගු පිටිවලින් සකස් කරන රෝටි බවත් උදැසන වතුවල සේවයට යන විට රෝටි හා කහාට බෝතලයක් රැගෙන යන තමන් එම රෝටි කා කහාට බිමෙන් සවස් වන තෙක් සේවය කරන බවත් මේ වන විට පවතින පිටි හිගය හේතුවෙන් තමන්ට නිසි ලෙස රෝටිවත් සදා ගැනිමට නොහැකි තත්වයක් උදාවි ඇති බවත්ය.

පවතින මෙම තිරිගු පිටි හිගය උපයෝගි කර ගෙන වතු කරයේ සමහර කූට වෙළදුන් වැඩි මිලකට පිටි අලෙවි කිරිමට පිය වර ගෙන ඇති බවත් මෙම තත්වයන් මත තමන් මේ වන විට දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවද එම පිරිස් වැඩි දුරටත් පවසති

 

No comments

Ads Place